Advertisement

පසුගියදා එංගලන්තයේ ඩර්හැම්හි පැවති බටහිර කොදෙව් ශ්‍රී ලංකා ක්‍රිකට් තරගය නරඹන්නට පැමිණි ලෝක ප්‍රකට ගායිකාව රිහානා ගැන දැන් අන්තර්ජාලය තුළ කතාබහක් පැතිර පවතී. ඇතැමෙකු පොප් ලෝකයේ වත්මන් කිරුළ හිමි ගායිකාව ලෙස හඳුන්වන්නේ රිහානාවය. 

සැබැවින්ම රිහානා ඊයේ තරගය බලන්නට පැමිණියේ තමන්ගේ රට අයත් දූපත් සමූහය වෙනුවෙනි. රිහානා බාර්බඩෝස් ජාතික ගායිකාවක වන අතර බාර්බඩෝස් බටහිර කොදව් දූපත් 7000 ට අයත් එක් දූපතකි. බටහිර කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර්ද බාර්බඩොස් ජාතිකයෙකු වන අතර ඇගේ හොඳ මිතුරෙකි. ඇතැම් වාර්තා මගින් කියැවුනේ තම මිතුරාව පුදුම කරවන්නට තිබූ උවමනාව මත ඇය ඊයේ පැමිණි බවයි.


බටහිර කොදෙව් කණ්ඩායම දිරිමත් කරමින් එම ක්‍රීඩාගාරයටද රිහානා ගොස් තිබූ අතර බැට් එකකට අත්සන් ලබාගනිමින් ක්‍රිස් ගේල් ඇතුළු ක්‍රීඩකයින් සමග ඡායාරූප වලටද පෙනී සිටියාය. තරගය පරාජය වුවත් ඇගේ පැමිණීම තමන්ට ධෛර්යයක් සැපයූ බව කොදෙව් ක්‍රීඩකයින් වන ඇලන් හා හොල්ඩර් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණි.

31 හැවිරිදි රිහානා පසුගිය ජුනි මාසයේ ලෝක ප්‍රකට ෆෝබ්ස් වර්ඝීකරණය අනුව ධනවත්ම ගායිකාව ලෙස නම් කර තිබේ. ඇය ඩොලර් මිලියන 600 ක වත්කමක් සහිතය. ඇය පරාජය කර ඇත්තේ මැඩෝනා (මිලියන560) සෙලින් ඩියොන් (මිලියන440) සහ බියොන්සේ(මිලියන 400)යි.

ඇය මුදල් උපයන්නේ ගායනයෙන් හෝ සංගීත ඇල්බම තුළින් පමණක් නොවේ. ෆෙන්ටි නමැති විලාසිතා සන්නාමයද ඇගේය. ඇය විලාසිතා නිරූපිකාවක ලෙසද කටයුතු කරන්නීය.

මේ වන විට ග්‍රැමී සම්මාන අටක්  ඇමරිකානු සංගීත සම්මාන අටක්, බිල්බෝඩ් සංගීත සම්මාන 23ක්, හා බ්‍රිට් සම්මාන දෙකක් හිමිකරගෙන ඇත.

යූටියුබ් තුල වැඩිම සබ්ස්ක්‍රයිබර්ස් ලද කලාකාරනිය ලෙසත් අඩුම කාලෙකින් වැඩිම ගීත ප්‍රමාණයක් අංක 1 ට පත් කල කලාකාරණිය ලෙසත්, යූටියුබ් තුල වැඩිම සමස්ත නැරඹුම් ඇති ගායිකාව ලෙසත්,
ඇය වාර්තා පිහිටුවා ඇත.

 එසේම ඇගේ "අම්බ්‍රෙල්ලා", "ටේක් අ බෝ", "ඩිස්ටර්බියා", "ඔන්ලි ගර්ල් (ඉන් ද වර්ල්ඩ්)", "එස්&එම්", "වී ෆවුන්ඩ් ලව්", "ඩයමන්ඩ්ස්" හා "ස්ටේ" සහ "Work" යන ගීත ලොව වැඩිම ඉල්ලුමක් සහිත ගීත වශයෙන් පිළිගැනීමට ලක්විය.

ක්‍රිස් ගේල් ඇතුළු ක්‍රීඩකයින් සමග රිහානා ඡායාරූප වලටද පෙනී සිටි අවස්ථාවේ වීඩියෝව පහතින්





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements