තමාව සමූහ වශයෙන් දූෂණයට කළ දකුණු පලාත් සභා හිටපු මන්ත්‍රී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වන ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං නැමැත්තා සහ ඔහුගේ රියදුරු රන් සයුර යන දෙදෙනා තමන්ව සමූහ දූෂණයට ලක් කළ බවට චීන ජාතික කාන්තාවක් විසින් ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.
ගාල්ල පොලිසිය මගින් MP 266/2019 ගොනු අංකය යටතේ 10674, AG නඩු අංකයෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර මේ සම්බන්ධයෙන් බී වාර්තාවද මේ වනවිට ලැබී තිබෙන බවත් ඒ සදහා නීතිය ක්‍රියාත්මක නොවන බවත් සඳහන් කරමින් එම චීන ජාතික කාන්තාව පොලිස් කොමිසම අමතා ලිපියක්ද යොමු කර ඇති බව වාර්තා වේ.
ඔවුන්ව අත්අඩංගුවට ගැනිමට, නිසි විමර්ෂණයක් නොකර පොලිසිය විසින් තමන්ට බොහෝ බලපෑම් සිදු කර බවද ඇය එම ලිපිය මගින් පොලිස් කොමිසම දැනුවත් කර ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රමවේදයක් ඇති බවත් නඩුවේ අඩු පාඩු ඇත්නම් ඔහුව අත්අඩංගුවට ගෙන ඇප මත තැබිය හැකි බවත් ඇය සිය ලිපිය මගින් පෙන්වා දී ඇතැයිද වාර්තා වේ.
මේ පිළිබදව තමන් චීන තානාපති කාර්යාලය දැනුවත් කළ බවත් සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කර මෙම පරික්ෂණය සාධාරණව සිදු කරන ලෙසත් ඇය වැඩිදුරටත් සිය ලිපිය මගින් දන්වා ඇතැයිද වාර්තා වේ.
පසුගිය රාජපක්ෂ පාලනයේ 2015 දක්වා ගෙවුණු දස වසර පුරා මෙන්ම 2015 සිට ගෙවුණු අවුරුදු 4 තුළද ස්ත්‍රී දූෂණ, ළමයින් අපයෝජනය කිරීම, මිනිස් ඝාතන, අපරාධ, මංකොල්ලකෑම්, පාතාල සබඳතා ආදිය සඳහා චෝදනා ලැබූ සහ අත්ඩංගුවට පත් මෙරට දේශපාලනඥයින්ගෙන් 80%ක් පමණම මහින්ද රාජපක්ෂ පාර්ශවය නියෝජනය කළ දේශපාලඥයින් වීම විශේෂත්වයකි.
ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං නැමැත්තා මීට මාස කිහිපයකට පෙරද පාසල් දැරිවියක අපයෝජනය කිරීමේ සිදුවීමකට අත්අඩංගුවට පත්ව ඇප ලබා සිටින්නෙකි.

