රටේ සිදුවන සංවර්ධනය ජනතාවගේ පරම අයිතිය නම්, එය භෞතික සංවර්ධනයකට පමණක් සීමා නොකොට, එම සංවර්ධනය භුක්තිවිඳීමට සුදුසු මානව ප්‍රජාවක් බිහිකළ යුත්තේමය.
ඉන්න හිතෙන රටක් හදන එවන් ජනතාවකට පන්නරය දෙන්නට ‘පන්නරය’ වැඩසටහන එළිදැක්වීම සහ මාධ්‍ය සාකච්ඡාව ඊයේ (02) දින වෝටර්ස් ඒජ් හෝටලයේදී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
එහිදී විවිධ අංශයන්ගෙන් රට දැය වෙනුවෙන් සිදුකළ මෙහෙවර උදෙසා FM Fonts නිර්මාණය කර නොමිලේ භාවිතය සඳහා ලබා දුන් පුෂ්පානන්ද ඒකනායක, හෙළකුරු මෘදුකාංගය නිර්මාණය කර නොමිලේ භාවිතය සඳහා ලබා දුන් ධනික පෙරේරා, චමීර ප්‍රසාද් ජයසිංහ, දුලිත් හේරත්, හර්ෂ සුභසිංහ (ආචාර්ය හර්ෂ සුබසිංහ වෙනුවෙන් ආචාර්ය බෙෂාන් කුලපාල සම්මානය ලබා ගත්තේය.),
මංජු ගුණවර්ධන,රාවණා 1 චන්ද්‍රිකාව නිර්මාණය කලකණ්ඩායමේ ඉංජිනේරු සනත් පනාවැන්නගේ, තරිඳු දයාරත්න, දුලානි චාමිකා විතානගේ, මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ යන මහත්ම මහත්මීන් අමාත්‍යවරයා අතින් සම්මානයට පාත්‍රවිය.