Featured News

Video Gossip

Advertisement

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොලොන්නරුවේ විහාරස්ථන තහනම් බවට ඇතැම් පොඩි හාමුදුරුවරු කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපතිතුමාට ඕනැම මොහතක පොලොන්නරුවේ විහාරස්ථාන විවෘත බව ද දිඹුලාගල සංඝ සභාවේ ලේඛකාධිකාරි,දිඹුලාගල ශ්‍රි කාශ්‍යප මහා පිරිවෙනහි නියෝජ්‍ය පරිවේනාධිපති වශයෙන් කටයුතු කරන දිඹුලාගල දේවාලංකාර හිමියන් පවසා සිටී.


ඒ හිමියන් පවසා සිටින්නේ ඇසල පෙරහැරට සමගාමීව අරලංගවිල නගරයේ කුඩා තොරක් ඉදි කිරිමට පියවර ගෙන තිබූ අතර ඒ සමගම කතුරු ඔන්චිල්ලා ආදි විනෝදාංග රැසක් සහිත සැනකෙලියක් පැවැත්වීමට නියමිතව තිබූ නිසාවෙන් පාසල් ළමුන්ගේ විභාග කටයුතු නිසාවෙන් එම සැනකෙලිය නතර කිරිමට කරන ලද ඉල්ලිම හේතුවෙන් තොරණ ද නතර කර ඇති බව ය.

මෙම තොරණ මුවාවෙන් ළමුන්ගේ විභාග තටයුතු වලට බාධාවක් වන සැනකෙලිය නතර කිරිම සහ විවිධ දේශාපාලන අරමුණු යොදා ගනිමින් මෙම ස්ථානය විශාල සිද්ධියක් ලෙස ඉදිරිපත් කරන්නට උත්සාහ දරන බව දිඹුලාගල දේවාලංකාර හිමියන් කියා සිටී.

වාණිජ අරමුණු පදනම් කොටගත් ඇතැම් පිරිසක් මෙය තොරණක් තහනම් කිරිමක් ලෙස හුවා දක්වන්නට හදන බව ද ඒ හිමියන් පවසා සිටී.

විවිධ දේශාපලන අරමුණු වලට හසුවන මෙම පුංචි හාමුදුරුවන් වත්මන් ජනාධිපතිතුමන් විසින් පොලොන්නරු දිස්ත්‍රික්කයෙ වෙහෙර විහාරස්ථාන නගා සිටිවුමට ගත් ක්‍ර්‍රියාමාර්ග උන්වහන්සේ සිහිපත් කර සිටී.

එම විඩියෝව පහතින්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements