Featured News

Video Gossip

Advertisement

රජය මගින් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වු රු 50 ක දෛනික වැටුප සහ ඉඩම් අයිතිය ලබාදෙන ලෙස බල කරමින් වතු කම්කරුවන් පිරිසක් හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව ඉදිරිපිට (24) උද්ඝෝෂනයක නිරත විය.

අමාත්‍යය පලනි දිගම්බරම් මහතා නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ සමාජිකයන මෙම උද්ඝෝෂනය සංවිධානය කර තිබුණි.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 750 දක්වා වැඩි කිරිමට දෙපාර්ශවයම විසින් අත්සන් කල අවබෝධතා ගිවිසුමට අමතරව රජය මගින් රු 50 ක වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වු බව උද්ඝෝෂනයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේය.

වතු කම්කරුවන්ට වතු හාම්පුතුන්ගේ සංගමය විසින් වැඩි කල වැටුප ප්‍රමාණවත් නොවන නිසා වතු කම්කරුවන්ට රජයේ මැදිහත් විමකින් යම් සාධාරණ මුදලක් වැඩි කල යුතු බවට අමාත්‍යය මනෝ ගනේෂන් , අමාත්‍යය පලනි දිගම්බරම් , රාජ්‍යය අමාතත්‍යය වි රාධාක්‍රිෂ්ණන් ඇතුළු දමිල ප්‍රගිතශිලි සන්ධානයේ මන්ත්‍රිවරුන් අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ සහ වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක යන මහතුන් සමග දිර්ඝ වශයෙන් කල සාකච්ඡාවේදි තේ මණ්ඩලය සංචිතයේ තිබෙන මුදල් වලින් වතු කම්කරුවන්ට දිනකට රු 50 ක අමතර වැටුපක් හිග මුදල් සමග ලබාදෙන බවට එහිදි රජය පාර්ශවයෙන් එකගතාවය පල කර තිබුණි.‍

එම රු 50 ලබාදිමට අමාත්‍යය නවින් දිසානායක මහතා විරුද්ධ වන නිසා ඔහුව අමාත්‍යය ධුරයෙන් ඉවත් විය යුතු බවටද උද්ඝෝෂනයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියහ.

එම එකගතාවය ඇති කරගෙන දැනට මාස කිහිපයක් ගත වි ඇතත් තේ මණ්ඩලය සතු එම මුදල ලබාදිමට මේ වන විට වැවිලි කර්මාන්ත අමාත්‍යයවරයා විසින් අකමැත්ත පල කර ඇති බව උද්ඝෝෂනයේ නියැලි සිටි එම පක්ෂවල සමාජිකයන් පවසයි.

රජය මගින් ලබාදෙන බවට ලබාදෙන බවට පොරොන්දු වු රු 50 වැටුප ලබා නොදෙන්නේ නම් වතුකරය පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බවත්, උද්ඝෝෂනයේ නියැලි සිටි එම වෘත්තිය සමිති වල සමාජියන් පැවසිය.

උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවන් හැටන් නගර මධ්‍යය හරහා හැටන් මල්ලිඅප්පුව මංසන්ධිය දක්වා පා ගමනින් ගොස් එහිදි අමාත්‍යය නවින් දිසානායක මහතාගේ බව පවසමින් පඹයෙකුද පුළුස්සනු ලැබුහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements