Advertisement

කාශ්‍යප රජු හෝ මුගලන් රජු විසින් ගොඩ නගන්නට ඇතැයි සැලකෙන දැනට පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම්කර ඇති සිගිරිය මහ පබ්බත විහාරය පිහිටි රාම කැලේ නිධානයක් ලබා ගැනීමේ අරමුණින් කැනීම් සිදුකල ස්ථානය වටලන අවස්ථාවේදී පලාගිය පුද්ගලයින් සිව්දෙනාගෙන් දෙදෙනකු පසුගිය 05වනදා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර එසේ අත් අඩංගුවට ගත් ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයා පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු බව වාර්තා වේ.

සිගිරිය, කලාපුරයේ පදිංචි එමිල් ප්‍රනාන්දු නම් ඔහු අත්අඩංගුවට පත්වන මොහොත වනවිටත් ඔහු පොහොට්ටු පක්ෂයේ සංවිධාන කටයුතුවල නිරතව සිට ඇති බව ඉතා විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

අදාල ස්ථානය සිගිරිය වනජීවී නිලධාරීන් විසින් ඉකුත්ජුනි මස 23 දී දහවල් වටලන ලද අවස්ථාවේ කැනීම් කරමින් පුද්ගලයින් සිව්දෙනෙකු පලා ගොස් තිබිණි.

පලාගිය සැකකරුවන්ට අයත් ජංගම දුරකතනයක් හා කැනීම් උපකරණ රැසක් කැනීම් ස්ථානයේ දමා ගොස් තිබී ඇති අතර වැටලීම සිදුකල වනජීවී නිලධාරීන් විසින් හදුනාගත් සැකකරුවන් පිළිබදව සිගිරිය පොලිසියට ප්‍රකාශ ලබාදීමෙන් පසු සැකකරුවන් පුරාවිද්‍යා පනත යටතේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන් තිබිණි.

සෙසු සැකකරුවන් දෙදෙනා මේ වනවිටත් ප්‍රදේශය මඟ හැර ගොස් සිටින අතර මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු හා දේශපාලකයින් කීපදෙනෙකු නිධන් ගැනීමේ ජාවාරම පිටුපස සිටින බවට විමර්ශන කණඩායම් අනාවරණය කරගෙන ඇතැයිද පොලිසිය පවසයි.

විත්තිකරුවන් පසුගිය 06වනදා දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

lankatruth

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements