Featured News

Video Gossip

Advertisement

වේග පන්දු යවන්නන්ට කිසිදු බයකින් තොරව තමා පිතිකරණයේ යෙදෙන බව ශී‍්‍ර ලංකා යොවුන් පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දු පවසයි. දකුණු අප‍්‍රිකාව සමග තරගයට ශ‍්‍රී ලංකා පිල ලක ලැහැස්ති වෙමින් සිටියදී අවිශ්ක මෙම අදහස් පළ කර සිටියේය.

‘‘ඉස්සරහට යනකොට කොහොමත් සෙමින් දාන පන්දු යවන්නන් නැහැ. එංගලන්තය සමග තරගයට මම එනකොටම දැනගෙන හිටියා ඒ අයගෙ පන්දු යවන්නන් පැයට කි.මී. 145-148 වගේ වේගයෙන් පන්දු යවන බව. ඒකට ලෑස්ති වෙලා තමයි මම හිටියෙ. කොහොමත් කොච්චර වේගයෙන් පන්දු යැව්වත් මම බය වෙන්නෙ නැහැ. ඒ නිසා තමයි එංගලන්තය සමග තරගයේදී ලකුණු 49 ක් ලබා ගන්න පුළුවන් වුණේ.’’

ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලම වේලාසනින් ක‍්‍රීඩාගාරයේ සිටියදී කණ්ඩායමට පැමිණි පීඩනය ලිහිල් කිරීමට හැකි වුයේ තමාට ඉක්මනින් ලකුණු ලබා ගැනිමට හැකිවීම නිසා බවද අවිශ්ක පවසයි.

‘‘ එංගලන්තය කියන්නෙ ලෝකයේ අංක එකේ කණ්ඩායම. ඒ කණ්ඩායමේ විතරක් නෙමෙයි හැම කණ්ඩායමකම වේගයෙන් පන්දු යවන අය ඉන්නවා. මම බය නැතිව පහර දුන්න නිසා තමයි මට ඒ දේ කරගන්න පුළුවවන්. මොකද එදා තරගයේදී කඩුලූ දෙකක් වැටිලා තිබුණ වෙලාවෙ මමත් අවුට් වුණානම් අපිට පීඩනය වැඩි වෙනවා. මොකද මම ගහන වෙලාවෙ අපිට ලකුණු ටිකක් ආපු නිසා තමයි පීඩනය ලිහිල් වුණේ. ඒ තරගයේදී කුසල් මෙන්ඩිස් අයියා සහ ඇන්ජලෝ මැතිව්ස් අයියා හොඳින් පිතිකරණයේ යෙදුන නිසා තමයි ඒ තරගය දිනන්න පුළුවන් වුණේ.’’

23 හැවිරිදි අවිශ්ක ප‍්‍රනාන්දු ලෝක කුසලාන තරගාවලියකදී ක‍්‍රීඩා කළ පළමු තරගයේදීම අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය. ඔහු එංගලන්තයේ වේගවත්ම පන්දු යවන්නා වූ ආචර්ට දැවැන්ත හයේ පහර දෙකක්ම එල්ල කරමින් ලකුණු 49 ක් ලබා ගත්තේය. නමුත් අර්ධ ශතකය ලබා ගැනීමට නොහැකිවීම නම් ඔහුට වේදනාවක් බව පවසයි.

‘‘ඇත්තටම ලෝක කුසලානයට ක‍්‍රීඩා කරපු පළමු තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කිරීමට පුළුවන් වුණා නම් ඒක ලොකු දෙයක්. නමුත් මට අර්ධ ශතකය අහිමි වීම ගැන නම් කනගාටුවක් තියෙනවා. ඒ පහර මම ගැහුව්වෙ වෙන තැනකට. නමුත් පන්දු රකින්නාගෙ අතටම ගියා. තව පොඞ්ඩක් එහා මෙහා වුණා නම් තත්ත්වය වෙනස් වෙන්න තිබ්බා. මම බැට් කරන වෙලාවෙ ගොඩක් පන්දු එවන්නෙ ඒ සීමාවෙ තමයි.’’

මෙවර ලෝක කුසලානය නියෝජනය කිරීමට තමාට අවස්ථාවක් හිමිවේයැයි නොසිතූ බවද අවිශ්ක සඳහන් කරයි. ‘‘ඇත්තටම මට අවස්ථාවක් ලැබෙයි කියලා හිතුවෙ නැහැ. සංචිතය දැම්මට පස්සෙ තමයි මාව නම් කරලා කියලා දැනගත්තෙ. එතනදි ලොකු සතුටක් ආවා. පොඩි වයසකින් ලෝක කුසලාන නියෝජනය කිරීම සතුටක්. ඒ තැන දිගටම අරගෙන යන්න තමයි මහන්සි වෙන්නෙ.’’

අවිශ්ක ප‍්‍රනාන්දුගේ ධනාත්මක පිතිකරණ රටාව සම්බන්ධයෙන් ලොව පුරා විස්තර විචාරකයන්ගේ ඇගයීමට ද ලක්ව තිබේ. ඔහු ශ‍්‍රී ලංකාවේ අනාගතයට හොඳ ආයෝජනයක් බව විචාරකයන්ගේ මතයයි. මේ වනවිට එක්දින තරග 7 කට ක‍්‍රීඩා කර ඇති අවිශ්ක එහිදී එක් අර්ධ ශතකයක් (74) සමග මුළු ලකුණු 194 ක් ලබා තිබේ. ඉනිමක සාමාන්‍ය 27.71 කි. මොරටුව ශාන්ත ජෝශප් විදුහලෙන් ක‍්‍රිකට් පිටියට පිවිසි අවිශ්ක මේ වනවිට පළමු තෙදින සහ සිව්දින තරග 16 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක හතරක් සමග මුළු ලකුණු 954 ක් ලබා තිබේ. ඔහු ක‍්‍රීඩා කර ඇති පළමු පෙළ එක්දින තරග 30 කදී ශතක හතරක් සහ අර්ධ ශතක හයක් සමග මුළු ලකුණු 1238 ක ලබා තිබේ. එහි ඉනිමක සාමාන්‍යය 47.61 ක් වැනි ඉහළ අගයක්ව පවතී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements