Featured News

Video Gossip

Advertisement

විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවකට මුදල් ඇමති මංගල සමරවීර මහතා විරෝධය පළකර තිබේ.

මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය නව ගොඩනැගිල්ලකට ගෙන සඳහා රුපියල් මිලියන 364 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙසයි.

දැනට එම අමාත්‍යංශය පවත්වාගෙන යන්නේ ලංකා කම්කරු කොංග්‍රසයට අයත් ගොඩනැගිල්ල ද වන අතර වර්ග අඩි 19800ක් සහිත එම ගොඩනැගිල්ලට වර්ග අඩියකට රුපියල් 74 ක් බැගින් මාසික කුලී මුදලක් ගෙවයි.

නමුත් නවම් මාවතේ නව ගොඩනැඟිල්ලට ගෙන යාමට යෝජනා කර ඇත්තේ වර්ග අඩි 44000ක ඉඩක් සඳහා වර්ග අඩියකට රුපියල් 260 බැගින් මාසික කුලියක් ගෙවීමට යෝජනා කරමිනි.

එම ගොඩනැගෙන ලබා ගැනීම සඳහා වසරක ඇප මුදල් ලෙස රුපියල් මිලියන 138ක් හා මාස පහක කුලිය එකවර ගෙවීමට තවත් රුපියල් මිලියන 206ක්, ගොඩනැගිල්ල ඇතුළු සකස් කිරීම සඳහා රුපියල් මිලියන 20ක් ද ආදී ලෙස රුපියල් මිලියන 364ක් භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබින.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements