Featured News

Video Gossip

Advertisement

මීගහකිවුල ශ‍්‍රී සුභද‍්‍රාරාම විහාරස්ථානයේ වාර්ෂික ධාතු පූජා මහා පෙරහැර ඊයේ (16) අලූයම් කාලයේ මීගහකිවුල නගරය හරහා ගමන් ගනිමින් තිබියදී එහි සිටි අලියෙකු කුලප්පුවී ඇත් ගොව්වාගේ ග‍්‍රහණයෙන් මිදී පළා යාමට උත්සාහ දැරීමත් සමග බියට පත් ජනතාව සී සී කඩ දිව යන්නට වූ අතර එහිදී ඇද වැටීමෙන් පුද්ගලයින් කීප දෙනෙකු සුලූ තුවාල ලැබූ අතර එක් කාන්තාවක් ප‍්‍රතිකාර සඳහා මීගහකිවුල රෝහලට ඇතුළත් කළ බව කන්දකැටිය පොලීසිය පවසයි. 
මෙහිදී අතුරු පාරක නවතා තිබූ ත‍්‍රීවීල් රථයකටද සුලූ අලාභ හානි සිදුවිය. 

පෙරහැරේ ගමන් ගත් විදුලි පහන් දල්වා ගත් යතුරු පැදි කීපයක් නිසා බියට පත් අලියා කුලප්පු වූ බව පිරිසක් පැවැසූහ. 

කුලප්පු වූ අලියා ඇත්ගොව්වාගේ ග‍්‍රහණයෙන් මිදී දිවයාමට පටන්ගත් අතර ඇත් ගොව්වා දැඩි පරිශ‍්‍රමයක් දරා අලියා පෙරහැර ගමන් මගෙන් මෑත්කොට අතුරු මාර්ගයකට හරවා ගැනීමට සමත්වීම නිසා සිදුවීමට තිබූ මහත් විනාශයක් වළක්වා ගැනීමට හැකිවිය. 

අලියාගේ කළබැගෑනියත් සමගම සී සී කඩ දිව ගිය ජනතාව හා නැටුම් කණ්ඩායම් පැය භාගයක පමණ කාලයකදී ඒකරාශි කර යළි පෙරහැර සාමාන්‍ය අයුරින් වීථී සංචාරය කරවීමට, පොලීසිය හමුදාව හා විහාරස්ථ දායක සභාවේ නිලධාරීහු කටයුතු කළහ. 

අලි ඇතුන් උඩරට පහතරට හා සබරගමු නැටුම් ඇතුලූ අංග ගණනාවකින් සමන්විත පෙරහැර දැක බලා ගැනීම සඳහා මීගහකිවුල නගරය හා අවට ප‍්‍රදේශය වෙත අති විශාල ජනතාවක් එක්ව සිටියහ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements