Advertisement

සිය පියවරුන් මුල්කාලීනව එක්ව කටයුතු කර පසුව ගැටුම් ඇති කරගත් නමුත් නවීන් දිසානායක මහතා සහ තමන් ඒ වැරදි තේරුම්ගෙන එක්ව කටයුතු කරන බවත් තමන් දේශපාලනික වශයෙනුත් ඔහු හා විවාහ වී සිටින බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙය ජනමාධ්‍ය හරහා ප්‍රචාරය වූ වහාම ඇතැම් පුද්ගලයින් තමන් දෙදෙනාව දික්කසාද කිරීමට උත්සාහ දරණු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. 

නව යුගයක ආරම්භය සඳහා දිසානායකලා සහ ප්‍රේමදාසලා එක්ව නායකත්වය දෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. 

එසේම නවීන් දිසානායක යනු හොඳ දේශපාලන අනාගතයක් ඇති තරුණ නායකයකු බවත් ප්‍රේමදාස මහතා පැවසීය. 

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (22) නුවර එළිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements