Advertisement

පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර අතේ තබාගෙන අප්‍රේල් 21 සිදුවීම පිළිබද තීන්දු තීරණ ඉදිරිපත් නොකරන ලෙස තමන් සියලූදෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. 

අප්‍රේල් 21 ප්‍රහාරයට තෙමසක් පිරෙන අවස්ථාවේ ඇතැමුන් ආණ්ඩුවට කරන සියලූ චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. 

මේ අතර පාස්කු ප්‍රහාරයෙන් පසු ආණ්ඩුවක් ලෙස ඉටුකළ යුතු සෑම වගකීමක්ම ඉටු කළ අතර ඊට අදාළ ත්‍රස්ත සංවිධානය ශ්‍රී ලංකාවෙන් විනාශ කර දැමූ බවද ජනාධිපතිවරයා කියාසිටියේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අපක්ෂපාතී සහ ස්වාධීන පරික්ෂණ සිදු කෙරෙන බව ද හෙතෙම පැවසීය. 

ඒ අනුව තමන් සෑම ආගමකටම ගරු කරන නායකයෙකු වන අතර සෑම ආගමික නායකයෙකු කෙරෙහිම ඉමහත් වූ ගෞරවයක් සහ භක්තියක් තමා තුළ පවතින හෙයින් හෙතෙම අවධාරණය කළේ යම් ප්‍රශ්නයක් තිබේ නම් ඕනෑම අයෙකුට තමා සමඟ විවෘතව සාකච්ජා කළ හැකි බවයි 

අවශ්‍ය නම් මාධ්‍ය ඉදිරියේ වුවද එය සිදුකළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. 

"මම දැක්කා ඊයේ මාස තුනක් පිරෙන වෙලාවේ මේ පරීක්ෂණ හරියට කෙරිලා නැහැ,ආණ්ඩුවේ නායකයන්ට පිට කොන්ද නැහැ, ඒ නිසා ආණ්ඩුවේ නායකයෝ ගෙදර යන්න ඕනේ කියලා කියනවා. අපිට හොඳ පිටකොන්දකුත් තියෙනවා.මම පිටකොන්දක් තිබෙනවා කියලා පෙන්නුවේ 2015 ජනවාරි 08 වැනිදා. ඉන්න අගමැතිවරයා ඉවත්කරලා,හිටපු ජනාධිපති අගමැති කරලා පිට කොන්දක් තිබෙන බව මම පෙන්නුවා."

ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ ඊයේ (22) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවති "සත්විරු අභිමන් 2019" රණවිරු සුබසාධන ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements