Advertisement

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට සියලුම දේශපාලන පක්ෂ දැඩි උණුසුම් වාදයක පැටලී සිටින අතර එහි සුවිශේෂී පාර්ශවයන් ලෙස එක්සත් ජාතික පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැපී පෙනෙයි. 

2020 ජනාධිපතිවරණ සටනේ තවත් උණුසුම් දිනයක් නිමා වෙමින් තිබෙන්නේ (22) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීය.

ඒ අනුව අරලියගහ මන්දිරයේ පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් වන සංවාදය සිදුව ඇති අතර එහිදී කබීර් හෂීම් අමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සුදුසුම තැනැත්තා සජිත් ප්‍රේමදාස මහතා බවයි. 

විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ බාහිරට පෙනෙන්නට ඇති අන්දමට බහුතර කැමැත්ත නැත්නම් මනාපය සජිත් ප්‍රේමදාස මහතාටය. එහෙත් අද පැවති කණ්ඩායම් රැස්වීමේදී බොහෝදෙනෙකු අපේක්ෂා නොකළ සිදුවීමක් සිදුව තිබේ. 

කබීර් හෂීම් මහාතාගේ යෝජනාවට බහුතරයකගේ ප්‍රසාදය හිමිවෙතැයි බලාපොරොත්තු වුවද ඊට කැමැත්ත පළකළේ දෙවන පෙළ අසුනක සිටි මන්ත්‍රීවරයෙක් පමණක් බව එම රැස්වීමේ සිටි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ලංකා නිවුස් වෙබ් වෙත පැවසීය. 

සජිත් ප්‍රේමදා මහතාගේ නම යෝජනා වීමත්, අනපේක්ෂිත ලෙස ඊට ලැබුණු ප්‍රතිචාරයත් නිසා එම අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ වාසිය ගැන පැහැදිලි කිරීමට මලික් සමරවික්‍රම මහතා සූදානම් වී ඇති නමුත් අගමැතිවරයා විසින් එම උත්සහය වැලැක් වූ බවද එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා කියාසිටියේය. 

සුළු ජාතිකයින් ගැන සජිත්ගේ කිඹුල් කඳුළු 

මෙම කණ්ඩායම් රැස්වීමේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද අදහස් දක්වා තිබේ. කබීර් හෂීම මහතාගේ යෝජනාවට ලැබුණු ප්‍රතිචාරයෙන් වික්ෂිප්ත වී සිටි ඇතැමෙකුට සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවෙන් එය දෙගුණ තෙගුණ වී ඇති බව සඳහන්. 

සජිත ප්‍රේමදාස මහතා පෙර නොවූ විරු ලෙස සුළු ජාතික ප්‍රජාව සම්බන්ධයෙන් ඉතා සංවේදී ලෙස කතා කළ බව වාර්තා විය. දෙමළ, මුස්‌ලිම ජනතාව සම්බන්ධයෙන් සුභවාදී ලෙස බැලිය යුතු අතර ඔවුන් මුහුණ දී සිටින තත්ත්වයන් සම්බන්ධයෙන් සංවේදී විය යුතු බවට අමාත්‍යවරයා සඳහන් කර ඇත. 

සුළු ජාතීන් සම්බන්ධයෙන් මිට පෙර එලෙස සංවේදී නොවූ සජිත් ප්‍රේමදාස මහතාට සිදුව ඇති වෙනස සම්බන්ධයෙන් ඇතැමෙකු විමතියෙන් අදහස් දක්වා තිබේ. එලෙස කතා කළේ සජිත් ප්‍රේමදාස මහතා නොව වෙනත් බලවේගයක් බවට ද ඔවුනොවුන් සාකච්ජා කර ඇති බව සඳහන්. 

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ කරළියට ගෙන ඒමේ එජාප කණ්ඩායමකගේ සැලැස්ම අනපේක්ෂිත තත්ත්වයකට පත්ව තිබුණේ ඒ අන්දමිනි. උක්ත ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා පැවසූ අන්දමට ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනාවක් පමණක් වන අතර එය සම්මත වී නැත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements