Advertisement

අමාත්‍යධූර වලින් ඉල්ලා අස් වූ මුස්ලිම් මන්ත්‍රීවරු නැවත එම ධූරයන් භාරගැනීමට තීරණය කර තිබේ. 

ඊයේ (11) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති සකාච්ජාවේදී එකී තීරණයට එළඹ ඇත. 

කෙසේවෙතත් මේ මොහොත වන විට ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින හෙයින් පැමිණි විගස එම දැනුවත් කිරීම සිදුකිරීමට නියමිතය. ඔවුන්ගේ තීරණය සම්බන්ධයෙන් අගමැතිවරයාව දැනුවත් කර තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු ඇතැම් මුස්ලිම් ඇමතිවරුන්ට දැඩි චෝදනා එල්ල වූ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්,හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ මොහොමඩ් හිස්බුල්ලා යන අයට එරෙහිව පූජ්‍ය අතුරලියේ රත්න හිමියන් උපවාසයක්ද සිදුකළේය. 

පැවති එම තත්ත්වයන් හමුවේ චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් ආණ්ඩුවේ සියලුම මුස්ලිම් මන්ත්‍රීවරු ධූරයන්ගෙන් ඉල්ලා අස් වූහ.

එම ඉල්ලා අස්වීමෙන් පසු ත්‍රෛනිකායික මහ නා හිමිවරු ඇතුළු පාර්ශව ඉල්ලා සිටියේ නැවත එම තනතුරු භාරගන්න ලෙසයි. 

මේ අතර ප්‍රධානම චූදිතයෙකුව සිටි රිෂාඩ් බදියුදීන් මහතා කිසිම ත්‍රස්තවාදී කණඩායමක් සමඟ සම්බන්ධයක් පවත්වා හෝ එවැනි පාර්ශවයකට සහය දක්වා හෝ නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දී තිබුණි. 

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය වීමත් මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ නැවත අමාත්‍යධූර භාරගැනීමේ තීරණයට හේතුවක් වී ඇති බව සඳහන්. 

ඒ අනුව ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු සිය අමාත්‍යධූරයන්හි නැවත දිවුරුම් දෙනු ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements