Featured News

Video Gossip

Advertisement

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන්වා ඇති තවත් කසල කන්ටේනර 120ක් පමණ රට තුළට මුදාහැර ඇතැයි රේගු වෘත්තීය සමිති පවසයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් සඳහා භාණ්ඩ ගෙන්වන මුවාවෙන් බ්‍රිතාන්‍යයේ සිට මෙම කසල බහාලුම් මෙරටට ගෙන්වා ඇතැයි සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජේ.ඒ. ගුණතිලක මහතා ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2013-07-11 දින නිකුත් කරන ලද අංක 1818-30 දරණ ගැසට් නිවේදනය මගින් රේගු ආඥා පනත, විනිමය පාලන පනත, ආනයන අපනයන පාලන පනත ආදියෙහි පාලනයෙන් තොරව භාණ්ඩ ආනයන හා අපනයන කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම ලබාදී තිබීමත් එමඟින් සංවර්ධිත රටවල අපද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට අවශ්‍ය නෛතික පසුබිම සැකසී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

එබැවින් වහාම එම ගැසට් නිවේදනය අහෝසි කළ යුතු බවත් මෙම කසල බහාලුම් මෙරටට ගෙන්වූ සමාඟම පිලිබඳව රජය මහජනතාවට කරුණු පැහැදිලි කළයුතු බවත් රේගු වෘත්තීය සමිති පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements