Advertisement

ජනාධිපති සිරිසේනගේ සහෝදරයෙකු වන කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විසින් තමාට මරණ තර්ජන එල්ල කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසයි.

පසුගියදා (09) විද්‍යුත් නාලිකාවක දේශපාලන විවාදයක් අවස්ථාවේ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර තමන්ට සිදුකළ මරණ තර්ජනය පිළිබඳ පැමිණිලි කිරීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කොට ඇති නමුත් මෙතෙක් ඒ සම්බන්ධව පැමිණිලි කිරීමට හෝ අවස්ථාවක් හිමිව නැති බවත් පැවසීය.

මීට පෙර ජනාධිපති සොයුරන් මෙසේ හැසිරී නොමැති බවත් මේ වන විට ඔවුන් බලයෙන් මත්ව ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපති පොලිසිය භාර ඇමතිව සිටියදී ඔහුගේ සහෝදරයා මරණ තර්ජන එල්ල කරන පසුබිමක තමන්ට දේශපාලනය කිරීමට සිදුව ඇති බවත් එය ඉතා සෝචනීය තත්ත්වයක් බවත් ඔහු සඳහන් කළේය.

කතානායකට කියමු : නීතිය හමුවට යමු !

ඊට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ මේ සම්බන්ධව පාර්ලිමේන්තුව හරහා වහාම පියවර ගැනීමට කටයුතු කල යුතු බවය.

මන්ත්‍රීවරයෙකුට මරණ තර්ජන එල්ලවී ඒ සම්බන්ධව ආරක්ෂක අංශ නිසිලෙස ක්‍රියා නොකරන්නේ නම් කතානායකවරයා වෙත පැමිණිලි කර ඊට මැදිහත්වීමක් ලබාගත හැකි බවත්, මන්ත්‍රී වරප්‍රසාද ඇතුළු ඊට ගැනීමට නෛතික ක්‍රමවේද හරහා පක්ෂ භේදයකින් තොරව සහය දැක්වීමට තම පාර්ශවය සූදානම් බවත් ඔහු පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements