Advertisement

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී එහි නායකයින් බේරාගැනීම සඳහා එදිනම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරයි. 

ජනාධිපතිවරයාගේ එම ක්‍රියාව නිසා බොහෝ දේවල් වැසී ගිය බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. 

"කෝප් එකෙන් ඉදිරිපත් වෙච්ච ඒ මහාබැංකු මංකොල්ලය එළියට දානකොට තමයි වාර්තාව ඉදිරිපත් කරන දවසෙ තමයි ඒ නායකයො බේරගන්න පාර්ලිමේන්තුව විසිරෙව්වෙ අපේ ජනාධිපතිතුමා. ඔබට මතක ඇති. වැඩි අවුරුදු ගාණක් නෑනෙ. 

ඒකට වැරදිකාරයා කවුද කියන එක, ඒක පිටිපස්සෙ හිටියෙ කවුද කියලා කෝප් වාර්තාව ඉදිරිපත් කරන්න තිබිච්ච දවසෙ තමයි විසිරුණේ. ඒකෙන් හුඟක් දේවල් වැහුණා, ඒ විසුරුවා හැරීම තුළ" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. 

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා කොමියුනිට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතාගේ දේශපාලන දිවියට 60 වසරක් සපිරීම නිමිත්තෙන් ඊයේ (10) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements