Featured News

Video Gossip

Advertisement

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් හෙලෝකෝප් සමාගමේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඔක්තෝම්බර් මස 24 වන දා දක්වා අත්හිටුවීමට එම නඩුව අද (18) කැඳ‍වූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ.

මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර වාර්තා සියල්ල නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා ඇත.

ඒ අනුව පැමිණිල්ල ලබන ඔක්තෝම්බර් මස 24 වනදා කැඳවීමට නියෝග කර ඇති අතර එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් මහේස්ත්‍රාත්වරිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නියෝග කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements