Featured News

Video Gossip

Advertisement

රාජගිරියේ පිහිටි ෆයර්වේ හෝල්ඩින්ස් නිවාස සංකීර්ණයේ සවිකර ඇති ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් ප‍්‍රතිවිකාශන කුළුණේ විදුලි සැපයුමට අදාලව පසුගිය මාස කිහිපයකට අදාලව රුපියල් හත්ලක්ෂ අනූනවදහසක (රු. 799,000) මුදලක් නොගෙවීම නිසා එහි විදුලි සැපයුම අත්හිටුවා ඇත. එමනිසා මේ වනවිට කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවලට ජාතික රූපවාහිනී සහ චැනල් අයි යන නාළිකාවන්ගේ පැහැදිලි දසුන් නොලෙබෙමින් තිබේ.

තවද පිදුරුතලාගල විකාශන මධ්‍යස්ථානයේ විදුලි බිල්පත් නියමිත කාලයට ගෙවා නොමැති බැවින් මේ වනවිටත් රතුබිල් එවා ඇත. මේ හේතුවෙන් එම මධ්‍යස්ථානයේ විදුලිය කප්පාදු කිරීමට ඉදිරියේදී බලධාරීන් පියවර ගතහොත් ජාතික රූපවාහිනී සහ චැනල් අයි යන නාළිකාවන් ප්‍රේක්ෂකයන්හට නැරඹීමට නොහැකි වන තත්ත්වයක් උද්ගත වනු ඇත.

ක‍්‍රිකට් ලෝක කුසලාන තරග විකාශය මිලදී ගැනීමට රුපියල් මිලියන 350ක මුදලක් ද, රුපියල් මිලියන 280ක බැංකු අයිරා ද, ටෙලිනාට්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 60ක් ද සංස්ථාව විසින් ගෙවීමට ඇති බව වාර්තා වේ. මේ වනවිට ටෙලිනාට්‍ය නිෂ්පාදකයන් විසින් සංස්ථාව වෙත එන්තරවාසිද යවා ඇති අතර සංස්ථාව විසින් මෙම ණය පියවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 30ක මුදලක් ඇයැදුම් කිරීමේ සූදානමක් පවතින බවද වාර්තා වේ.

සේවකයින් 1000ක් පමණ සේවයේ නිරත වන සංස්ථාවේ සේවක වේතන සඳහා පමණක් මසකට රුපියල් මිලියන 80ක වියදමක් සංස්ථාව විසින් දරනු ලබයි. මාසික වියදම රුපියල් මිලියන 220 ඉක්මවන සංස්ථාවේ මසකට උපයන ආදායම රුපියල් මිලියන 100 – 120 පමණ වන බව වාර්තා වේ. එ් අනුව මසකට රුපියල් මිලියන 100ක පමණ හිඟයක් ඇති බැවින් මාස ගණනක හිඟමුදල් පියවීමට රූපවාහිනී සංස්ථාවට දැනටමත් සිදුවී ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය හමුවේ පසුගිය මැසි මස සේවකයන්ගේ වේතන ගෙවීම් ප‍්‍රමාද වීමක් ද, ජූනි මස වේතන ගෙවීමේ ප‍්‍රමාදයක් පවතී. මෙම සියලු කරුණු හේතුවෙන් රූපවාහිනී සංස්ථාව තවදුරටත් පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව එම සංස්ථාවේ බලධාරීන් දැඩි අර්බුධයකට මුහුණ දී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements