Featured News

Video Gossip

Advertisement

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ගිණුම් කාරක සභාව මගින් අමාත්‍යංශ 48 ක් අතරින් නිවැරදි මූල්‍ය පාලනය හා කාර්යක්ෂම කාර්ය සාධනය සඳහා අමාත්‍යංශ 03ක් තෝරා සම්මානයට පාත‍්‍ර කළ අතර එහි ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පසුගියදා සමත් විය. 

එම ජයග්‍රහණය පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් මහනගර අමාත්‍යංශය විශේෂ පුවත්පත් දැන්වීමක් පළකර ඇත. එම පුවත්පත් දැන්වීමේ විශේෂත්වය් නම් අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන් සියලූම දෙනාගේ අධ්‍යාපන සුදුසුකම් පළ කිරීමයි. 

එම හෙළිදරව්ව අනුව අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ කාර්‍ය මණ්ඩලයේ බොහෝ දෙනෙකු ඉංජිනේරුවන් වීම විශේෂ කරුණක්.

විද්‍යාත්මක ආණ්ඩුකරණයක් පිළිබඳව සාකච්ජා වන මෙවන් වකවානුවක ලංකාවේ එක් අමාත්‍යංශයක් හෝ දේශපාලන හෙංචයියන්ගෙන් පුරවා නොගෙන සැබෑ උගතුන්, කුසලතාවයන්ගෙන් පිරි මිනිසුන්ගෙන් සන්නද්ධ කිරීම අගය කල යුතු කරුණක් බව ජනතා මතයයි.

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් පරිපාලිත සියලූම ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කර ඇත. විශේෂයෙන්ම 2015, 2016, 2017, 2018 වසරවලදී නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, වෝටර්ස් ඒජ් හෝටලය, එල්.එල්.ආර්.ඞී.සී සමාගම හා රෙඩෙකෝ ආයතන 2014 වසරට හා ඊට පෙර වසරවලට සාපේක්ෂව කිහිප ගුණයකින් ලාභාංශ ඉහළ නංවාගෙන ඇත.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements