Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට ඕනෑ විදියට මරණීය දණ්ඩනය ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවොත් ඊට විරුද්ධව ඒ දවස ජාතික ශෝක දිනයක් බවට ප‍්‍රකාශ කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14දා) ඇඹිලිපිටියේදී පැවසීය.

මහවැලි විශේෂ බලප‍්‍රදේශයේ පදිංචි මහවැලි ඉඩම් හිමියන්ට ඔප්පු ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ කරුණු හෙළි කළේය. එහිදී තවදුරටත් කරුණු දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

”මරණීය දණ්ඩනය අහෝසි කෙරුවොත් මේ රට ශිෂ්ට සම්පන්න රටක් කරන්න බැහැ. මරණීය දණ්ඩනය අහෝසි කිරීම මේ රටේ අපරාධකාරයන්ගේ විශිෂ්ට ජයග‍්‍රහණයක්. මරණීය දණ්ඩනය අහෝසි කරපු දවසට අපරාධකාරයෝ රට පාලනය කරන්න හදනවා. මේ රටේ දේශපාලනඥයෝ ඉන්නවා පාතාලයත් එක්ක සම්බන්ධව. හැම ආණ්ඩුවකම, හැම විපක්ෂයකම පාතාලයෝ හිටියා, අදත් ඉන්නවා. අදත් දේශපාලනඥයෝ එක්ක සම්බන්ධකම් තියන අය ඉන්නවා.

අර මහා පාතාල නායකයෝ අපි අද සිරභාරයට අරගෙන තියනවා. පිටරට ඉඳලා අල්ලාගෙන ගෙනාවා. මේවා කවුරුවත් කෙරුවේ නැහැ. මේ ප‍්‍රශ්නයට කවුරුවත් අතගැහුවේ නැහැ. ලෝකයේ රාජ්‍ය නායකයෝ මත්ද්‍රව්‍ය ප‍්‍රශ්නයට අතගහනවා අඩුයි. එක කාරණයක් තමයි එක්කෝ මරලා දානවා. එහෙම නැත්නම් බලයෙන් පහ කරනවා. 

කවුරු කොහොම කිව්වත් අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය ජාත්‍යන්තර ත‍්‍රස්තවාදීන් සම්බන්ධ වෙලා කරපු වැඩක් කියලා මම කියනවා. මම ගෙනගිය වැඩපිළිවෙළ ආපහු හරවන්න, ඒක ආපස්සට ගන්න, මාව අපකීර්තිමත් කරන්න, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ඒක කෙරුවේ. අද මේ පිළිබඳව විවිධාකාර සංවාද සාකච්ඡුා තිබෙනවා. නමුත් මම මේ සටන නවත්වන්නේ නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට විරුද්ධව කළයුතු සියලූ දේ කරනවා. මරණීය දණ්ඩනය දිය යුතුයි. මරණීය දණ්ඩනය දුන්නාම විනයගරුක රටක් වෙනවා. බය ඇතිවෙනවා. එකෙන් සමාජය යහපත් වෙනවා.

ලෝකයේ මරණීය දණ්ඩනය නැති රටවල් ඉතාමත්ම අඩුයි. ළඟම තියන ඉන්දියාවෙත් මරණීය දණ්ඩනය තියනවා. ළඟම තියන සිංගපූරුවෙත් මරණීය දණ්ඩනය තියනවා. ප‍්‍රාන්ත කිහිපයක හැර ඇමෙරිකාවෙත් මරණීය දණ්ඩනය තියනවා.

President Maithripala Sirisena said yesterday (14) that the government would declare a day of mourning if a bill is passed to remove the death penalty.

The President was speaking at a ceremony to award deeds to Mahaweli land owners who reside in the Mahaweli Special Area. The President further said,

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook