Featured News

Video Gossip

Advertisement

පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ බෑනාවරුන්ගේ ප්‍රසාදයට ලක්වෙමින් විවිධ පුවත් මැවූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් හා හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක ගේ දියණිය දුලිමිණි අත්තනායකට ඕස්ට්‍රේලියානු ශ්‍රීලංකා මහකොමසාරිස් කාර්යාලයේ රැකියාවක් අනුමතවී තිබේ. ඇය එරට පිහිටි ශ්‍රී ලංකා කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය ලෙස පත්කර ඇතැයි වාර්තා වෙයි.

මේ සඳහා තිලක් මාරපන මහතා පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කර තිබූ අතර එයට අනුමැතිය ලැබී ඇත.

මීට පෙර මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ ප්‍රතික්ෂේප වූ බවත් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ අනුමැතිය මත පසුව එම පත්වීම ලද බවත් වාර්තා විය.

කූඨ ලේඛන චෝදනා මත තිස්ස අත්තනායක බන්ධනාගාර ගතව සිටි සමයේ' අප්පච්චි බාන්න ගියා.. එයා හොඳින් ඉන්නවා අපි ඇපලබාගන්න බාපොත්තු වෙනවා'

ආදී වශයෙන් අමුතු උච්ඡාරණයකින් මාධ්‍ය වෙත අදහස් දැක්වීම නිසා දුල්මිණිගේ වීඩියෝ කොටස් හා රූප රාමු සමාජ මාධ්‍ය තුළ කථාබහට ලක් විය. පසුව ඇගේ රුවට උසුළු විසුළු කරමින් තිස්ස අත්තනායකගේ බෑනාවරුන්ගේ සංගමය නමින් සමාජ මාධ්‍ය කණ්ඩායම්ද නිර්මාණය විය.

විදෙස්ගතව අධ්‍යාපනය ලබා සිටින තිස්ස අත්තනායකගේ දියණිය පසුගිය කාලයේ සිය පියාගේ නඩුවාර වලට පෙනී සිටීම් අවස්ථා වලටද එක්වූ අතර මාධ්‍ය අවධානයට ලක් විය.

මේ වනවිට පැමිණිලි පාර්ශ්වය සමග සමථයකට පත්වීම නිසා තිස්ස අත්තානයකගේ කූඨ ලේඛන නඩුවෙන් ඔහු නිදහස්ව ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements