Featured News

Video Gossip

Advertisement

ලබන සැප්තැම්බර් මාසයේ 17 වනදා සිය මංගල උත්සවය මහ ඉහළින් පවත්වන්නට සූදානම් වන මහින්ද රාජපක්ෂ වැඩිමල් පුතු නාමල් මේ දිනවල ඒ ගැන වැඩි උනන්දුවකින් කටයුතු කරන බව වාර්තා වේ. බදාදා පාර්ලිමේන්තුවේ දී හදිසි නීතිය යළි සම්මත කිරීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ලොබියට පැමිණි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ ඔහුගේ හිතවත් ඩී.වී. චානක මන්ත්‍රීවරයා ‘වෙඩින් කාඩ් බෙදිල්ල ’ පටන්ගත් බව දේශපාලන ආරංචි වාර්තා කර තිබුණි.

ඔහු පාර්ලිමේන්තුවේ 225 ටම මෙම මංගල උත්සවයට එන්න ආරාධනා කර තිබේ. උත්සවය පවත්වන්නට නියමිත කොළඹ ෂැංග්‍රිලා හෝටලයේය. ඊට අමතරව ගමේ සහ පල්ලියේ චාරිත්‍රද තිබේ.

මහින්ද රාජපක්ෂගේ දේශපාලනයේ තීරණාත්මක වසරක් වුණ 2019දී රෝහිත යෝෂිත මෙන්ම නාමල්ද පිළිවෙලක් වීම එම පවුලට සම්බන්ධ අයට සතුට දනවන කාරණයක් විය. වසර 2 ක් තිස්සේ සබඳතාවයක් පැවති බව කියැවුණත් නාමල්ගේ විවාහය ගැන අවසන් මොහොත වනතුරු කිසිවෙකු දැන සිටියේ නැත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණීම සිදුවූ අවස්ථාවේ ඔහු කළ විහිළුවක් නිසා මෙම විවාහ කාරණාව මාධ්‍ය වෙත හෙළිදරව්වූ බව ප්‍රකට කරුණකි. වසර 2 ක් තිස්සේ රහසේ පවත්වාගෙන ගිය පෙම් සබඳතාවයකින් පසු නාමල් විවාහ වන්නට යන්නේ ලිමිනි සමග බව එහිදී හෙළි විය.

33 හැවිරිදි නාමල් විවාහ වන ලිමිනි 21 හැවිරිදි වියේ පසුවන්නීය. ව්‍යාපාරික තිලක් වීරසිංහ නාමල් බදින්නට යන ලිමිනිගේ පියාය. ඔහු මරීනා හෝටල් සමූහය හා කිමිදුම් – පිහිණුම් තටාක සම්බන්ධ ව්‍යාපාරයක් සිදු කරයි.

‘අපි මහින්ද මහත්තයාගේ පවුලේ අයව දන්නේ ඇසුරු කරන්නේ අවුරුදු 15කට කිට්ටු කාලයක ඉඳලා. ඒ දැනහැඳුනුම්කම ඇති වුණේ ජල ක්‍රීඩා කටයුතු නිසා.’ ඔහු කියා තිබේ.

ලිමිනි වෙනස්ම විදිහේ ගති පැවතුම් ඇති දයාබර දියණියක බව ඇගේ පියා විස්තර කර තිබේ. කොළඹ බිෂොප් විද්‍යාලයේ ඉගෙන ගෙන තිබෙන ඇය පාසල් කාලයේ සිටම ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු ගැන අවධානය යොමු කර තිබෙන බව මෙන්ම කලාවට ළැදි තැනැත්තියක බවත් බෙර වාදනයට පවා සමත්කම් දක්වන්නියක බවත් ඇගේ පියා පවසා තිබේ.

පාසලේ දේශීය තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකාවක වන ඇය බෙර වාදනයට දැක්වූ දක්ෂතා අප්‍රිකානු සම්භාව්‍ය සංගීතයට සම්බන්ධ බෙර වාදන කලාව පවා ප්‍රගුණ කරමින් වර්ධනය කරගෙන ඇති බව පියා පවසා තිබේ. 2017 වසරේදී උසස් පෙළ අවසන් කළ පසු ලිමිනි එම වසරේදීම ඇගේ බෙර වාදන දක්ෂතා එළිදක්වමින් “ඝෝෂා’ නමින් ප්‍රසංගයක් පැවැත්වූ බවද පැවසේ.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements