BREAKING NEWS
latest

728x90

468x60

header-ad -->

ලිට්ට්‍රෝ ගෑස් නඩුවෙන් ගාමිණි සෙනරත් නිදොස් කොට නිදහස්

ලිට්ට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීම ඇතුළු සියලූ අධිචෝදනාවලින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සේදර සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ 

(08 දා* නියෝග කළේය. විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති කිසිදු අධි චෝදනාවක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවට ඒකමතිකව නිගමනය කළ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

නඩුවට පාදක වූ ගනුදෙනු සිදුකළ ලිට්‍රෝ ගෑස් සමාගම කැන්විල් හෝල්ඩින්ස් සමාගම, හෙලැන්කෝ සමාගම සහ සිනෝ ලංකා සමාගම ඇතුළු සමාගම්, සමාගම් පනත යටතේ ස්ථාපිත කර ඇති සමාගම් පනත යටතේ පවත්වාගෙන යන ආයතන වන බැවින් එකී සමාගම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය එහි අධ්‍යක්‍ෂ මණ්ඩල සතුව ඇතැයි පෙන්වා දුන් විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය. පළමුවැනි හා දෙවැනි විත්තිකරුවන් වන ගාමිණී සෙනරත් හා පියදාස කුඩාබාලගේ යන විත්තිකරුවන් දෙදෙනා කටයුතු කර ඇත්තේ එකී සමාගම්වල ප‍්‍රවර්ධනය වෙනුවෙන් බවත් ප‍්‍රධාන මූල්‍ය නිලධාරියා වන තුන්වන විත්තිකාර කොක්කාවිට ලියනගේ ලසන්ත බණ්ඩාර නමැත්තා කටයුතු කර ඇත්තේ සිය සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා විසින් ලබාදෙන ලද උපදෙස් අනුව රාජකාරී වගකීමක් ඉටුකිරීමක් පමණක් බවත් තීන්දු ප‍්‍රකාශය කියවා දෙමින් සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා පෙන්වා දුන්නේය.

සමාගමේ අරමුණු සාක්‍ෂාත් කරගැනීම සඳහා තීරණ ගැනීමේ බලය සමාගම් අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත පැවරෙන බවත් එවැනි තීරණවලදී ලාභ මෙන්ම අලාභ ද සිදුවීම වැළැක්විය නොහැකි බවත් පිටු 283 ක් වූ තීන්දු ප‍්‍රකාශය මඟින් පෙන්වා දුන් විනිසුරු මඬුල්ල දෙවැනි විත්තිකරු විසින් ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදල් කැන්විල් හෝල්ඩින්ස් සමාගමට ප‍්‍රථමයෙන් බැරකර දෙවනුව හෙලැන්කෝ සමාගමට යොමුකර ඇත්තේ චේතනාන්විතව සාපරාධී විශ්වාසය කඩකිරීමේ අරමුණින් බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔප්පු කොට නොමැතිවීම ද තම අධිකරණය සැලකිල්ලට ගත් බව පෙන්වා දී තිබිණි.

අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබීමට පෙර හෙලැන්කෝ සමාගමට මුදල් යැවීම මඟින් අවිධිමත් ක‍්‍රියාවක් සිදු වී ඇති බව තම අධිකරණයට පෙනී යන නමුත් එය සාපරාධී විශ්වාසය කඩ කිරීමක් බවට ඔප්පු කිරීමට තරම් සාක්‍ෂි ඉදිරිපත් වී නොමැති බව ද විනිසුරු මඬුල්ල සිය තීන්දුවෙන් පෙන්වා දුන්නේය.
« PREV
NEXT »

Facebook Comments APPID