Featured News

Video Gossip

Advertisement

මෙරට පූර්ව රෝහල් ප්‍රතිකාර සේවාව අති විශිෂ්ට තලයකට රැගෙන ගිය 1990 සුවසැරිය ගිලන් රථ සේවයට පළමු ජාත්‍යන්තර ගෞරවය ලබාදෙමින් එම සේවාවේ නිර්මාතෘ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, මාර්ග සුරක්ෂිතතාවය පිළිබඳ පාර්ලිමේන්තු සාමාජිකයින්ගේ ASEAN-WHO කළාපීය ජාලයේ (ASEAN-WHO Regional Network for Road Safety Legislators) උප සභාපතිවරයා සහ එම ගෝලීය ජාලයට අයත් කවුන්සලයේ සාමාජිකයෙකු ලෙස ඒකමතිකව පත්කර ගෙන තිබේ. මෙම ගෞරවය ඔහුට ලබාදීමට හේතුවී තිබෙන්නේ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට ඔහු විසින් ලබාදුන් නායකත්වයයි.

1990 සුවසැරිය ගිලන් රථ සේවය ඇගයීමට ලක්කරමින් ජාත්‍යන්තරව හිමිවූ මෙම ගෞරවය පිළිබඳව එම සේවාවේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය.

“මෙම සේවාවට ජාත්‍යන්තරව හිමිවූ මෙම ගෞරවය පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා. බින්දුවෙන් පටන් අරන් මෙතෙක් දුරක් එන්න ලැබීම පිළිබඳව අපි කණ්ඩායමක් ලෙස ආඩම්බර වෙනවා. දිවා රෑ වෙහෙසී අපේ ජනතාවගේ ජීවිත බේරා ගැනීමේ මෙහෙයුමේ නිරත වී සිටින අපගේ සුවසැරිය සාමාජිකයින් සියළු දෙනා වෙත මා මෙම ජයග්‍රහණය පුද කරනවා.“

දිවයින පුරා නොමිලේ ක්‍රියාත්මක 1990 සුවසැරිය ගිලන් රථ සේවය මගින් මේ වනවිට දිනකට රෝගීන් 700 ක් පමණ රෝහල් ගත කරන අතර මෙම සේවාව ක්‍රියාත්මකවූ වසර තුනක කාලය තුළදී මේ දක්වා රෝගීන් දෙලක්ෂ විසි දහසක් පමණ රෝහල් ගත කර තිබේ. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින රෝගියෙකු වෙත සාමාන්‍යයෙන් විනාඩි 12 කට අඩු කාලයක් තුළ මෙම ගිලන් රථයක් පැමිණ තිබෙන අතර මාර්ග අපහසුතා නොමැති නාගරික ප්‍රදේශ වලදී මෙම කාලය මෙයට වඩා අඩු අගයක් ගනී.

මේ වනවිට, සුවසැරිය ගිලන් රථ 297 ක් දිවයින පුරා ක්‍රියාත්මක වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements