Featured News

Video Gossip

Advertisement

චීනය ඇතුළු රටවල් 46 ක් වීසා ගාස්තුවලින් නිදහස් කිරීමේ වැඩසටහන අද (01) සිට කි‍්‍රයාත්මක කරන බව සංචාරක සංවර්ධන ඇමැති ජෝන් අමරතුංග මහතා පැවසීය.

මීට පෙර මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වුවත් එම රටවල් අතරට චීනය ඇතුළත්ව නොතිබුණු අතර හෙට සිට චීන සංචාරකයන්ට ද මේ වැඩසටහන යටතේ වීසා ගාස්තුවලින් නිදහස්ව මෙරටට පැමිණීමට හැකි වන බව ඇමැතිවරයා සඳහන් කළේය.

සංචාරකයන් වැඩි සංඛ්‍යාවක් ශ‍්‍රී ලංකාවට ගෙන්වාගැනීම අරමුණු කර ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ සංචාරක වීසා බලපත‍්‍ර (ධබ ්රරසඩ්ක ඪසි්ි* ලබා දීමේ තීරණය ගෙන ඇත.

මේ ව්‍යාපෘතිය ස`දහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබුණ ද පාස්කු ඉරිදා ඇති වූ ත‍්‍ර‍්‍රස්තවාදී ප‍්‍රහාරය හේතුවෙන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන සංචාරකයන් සඳහා නිදහස් පදනම මත වීසා ලබා දීම තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදී.

මේ වන විට රටේ වාතාවරණය යථා තත්ත්වයට පත්ව ඇති බැවින් සංචාරකයින්ගේ පැමිණීම ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉහත රටවල් ද ඇතුළුව ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, පින්ලන්තය, අයිස්ලන්තය, පිලිපීනය, රුසියාව, චීනය, ඉන්දියාව හා එංගලන්තය යන රටවල් ස`දහා ද නිදහස් පදනම මත ‘පැමිණීමේදී ලබා දෙන සංචාරක වීසා බලපත‍්‍ර’ ලබා දීම සිදු කරන බව සංචාරක සංවර්ධන ඇමැති ජෝන් අමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.


n the hopes of confronting the recent declined tourism industry of the country, Sri Lanka will be offering free visa on arrival to a list of 45 nationalities.

The Minister of Tourism Development John Amaratunga announced that India and China were among the 45 nationalities that will be eligible for on-arrival visas.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements