Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය ඉනිමක හා ලකුණු 65ක ජයක් හිමිකර ගනියි. තරගය පැවැති සෑම දිනකම පී. සරා ඕවල් පිටියට වර්ෂාව පතිත වුවද ඊයේ අවසන් දිනයේ ශ්‍රී ලංකාවට පරාජය හිමිවන තුරු වර්ෂාවෙන් බාධා නොවුණි.

ගාල්ලේ පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 6ක ජයක් ලැබූ හෙයින් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයකට පත්විය. ලෝක ටෙස්ට් තරගාවලියට අයත් මෙම තරගාවලියේ දෙපිලටම සම ලකුණු තත්ත්වයක් හිමිවී අයි. සී. සිය පිරිනැමූ ලකුණු 120 ශ්‍රී ලංකාවට හා නවසීලන්තයට සම සමව බෙදා ගත්හ.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 244ක් ලබාගත් අතර නවසීලන්තය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 431ක් ලබා ඉනිම අත්හිටුවිය. ශ්‍රී ලංකාව පරාජයෙන් ගැලවීමට ඊයේ දිනයේදී ලකුණු 187 ක් ලබා ගැනීම අනිවාර්යවී තිබුණද නවසීලන්ත පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන් මුල සිටම අසරණභාවයට පත් කළහ. ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවැනි ඉනිමේ ඕවර් 70. 2කදී මිනිත්තු 298ක කාලයක් කඩුල්ලේ රැදී සිට සියලු දෙනා දැවී ලකුණු 122ක් වාර්තා කළ අතර නිරෝෂන් දික්වැල්ල පමණක් හුදෙකලා සටනක් දියත් කරමින් ලකුණු 51ක් ලබා ගත්තේය.

එය දික්වැල්ලගේ 13වැනි ටෙස්ට් අර්ධ ශතකය වූ අතර මිනිත්තු 209ක කාලයක් කඩුල්ලේ රැදී සිට පන්දු 162කදී හතරේ පහර 4ක් එල්ල කළේය. අවසන් දිනයේ දිවා විවේකය වෙද්දී ලකුණු 33 කට කඩුලු 5ක් ඇද වැටීම නිසා ශ්‍රී ලංකා පිල දැඩි පීඩනයකින් ක්‍රීඩා කළේය.

ලකුණු පුවරුව ක්‍රියාත්මකවීමටත් පෙර ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න දුවද්දී දැවී ගිය අතර තෙවැනි ඕවරයේදී අනෙක් ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ද බින්දුවට දැවී ගියේය. විකට්ටුවෙන් ඉවත යන පන්දුවලට පහර එල්ල කිරීමට යෑමෙන් එකා පිටුපස එකා දැවී යන ආකාරයෙන් ඇන්ජලෝ මැතිව්ස් (ලකුණු 7යි), ධනංජය ද සිල්වා (ලකුණු 1යි) හා කුසල් මෙන්ඩිස් (ලකුණු 20යි) ක්‍රීඩාගාරයට යවන සැලසුම නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන්ගේ ආක්‍රමණකාරී පිටියෙන් කදිමව සැලසුම් කොට තිබිණි.

හයවැනි කඩුල්ලට ලකුණු 41ක සම්බන්ධතාවක් නායක දිමුත් හා දික්වැල්ල ගොඩනැගූ අතර දිමුත් කරුණාරත්න ලකුණු 21කට දැවී ගියේ ටිම් සවුතිගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි. දිල්රුවන් පෙරේරා පැමිණි විගස ලකුණු නොලබා යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ටිම් සවුති සමත්වූ අතර ලක්මාල් පන්දු 45කදී හයේ පහරක් හා හතරේ පහර දෙකක් සමග ලකුණු 14ක් ලබා සිටියදී සොමර්වේලන්ගේ පන්දුවකට ෂෝට් ලෙග්හී සිටි ලේතම් අතට පහසු උඩ පන්දුවක්දී දැවී ගියේය. ඇඹුල්දෙනිය අවසන් කඩුල්ලට දැවී ගියේ බෝල්ට්ගේ පන්දුවකට දෙවැනි ස්ලිප් හී සිටි විලියම්සන් අතට උඩ පන්දුවක් ලබාදීමෙනි.

නවසීලන්තය වෙනුවෙන් කඩුලු රකින ක්‍රීඩක වෙට්ලීන් නොදැවී ලකුණු 105ක් ලැබීම ඊයේ දිනයේ කැපී පෙනෙන ඉනිමක් විය. ඔහු පන්දු 226කදී මිනිත්තු 306ක් කඩුල්ලේ සිට නියම ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කිරීම හා ටොම් ලේතම් ලකුණු 154ක් ලැබීම මෙම තරගයේ ඉනිමක ජයග්‍රහණයක් ලැබීමට නවසීලන්තයට ලැබුණු විශාල වාසියකි. නවසීලන්ත වේග පන්දු යවන ටිම් සවුති හා ට්‍රෙන්ට් බෝල්ට් ටෙස්ට් කඩුලු 250ක් සම්පූර්ණ කරගැනීමද මෙම තරගයේ විශේෂ සිදුවීමකි.

ටෙස්ට් තරගාවලිය නිමාවීමෙන් අනතුරුව තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය ලබන මස 1දා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරැඹෙයි

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook