Advertisement

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පසුගිය සමයේ දිස්ත්‍රික්ක 14ක වෙසෙන උගතුන් බුද්ධිමතුන්, සමාජ ක්‍රියාකාරීන් සමඟ සාකච්ජා කර නිර්මාණය කල "ජාතියේ ඉදිරි මඟ සඳහා විමසුම සහ පිවිසුම" ප්‍රතිපත්ති සංග්‍රහය ජනගත කිරීම හෙට(27) කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. 

ජාතික සංවර්ධන සහ නායකත්ව අභියෝගයන් පිළිබඳව විශ්ලේෂණය කරමින් විද්‍යානුකූල ආණ්ඩුකරණය, රාජ්‍ය ආරක්ෂාව සහ විදේශ සබඳතා කළමනාකරණය යන විශයන්හී තිරසර ප්‍රතිපත්ති යෝජනා රැසක් මෙම සංග්‍රහයේ අඩංගු වේ. 

හෙට සවස 03ට පැවැත්වෙන මෙම උත්සව අවස්ථාව සදහා උගතුන්, බුද්ධිමතුන්, විද්වත් වෘත්තිකයින්, කලාකරුවන් සහ සමාජ ක්‍රියාකාරිකයින් රැසකට ආරාධනා කර ඇත. 

එළඹෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වන අපේක්ෂකයින් කවරෙකුට වුවද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගතය ඉතා වැදගත්වනු ඇතැයි පැවසේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements