Advertisement

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂකයෙකු ලෙසින් එක්‌සත් ජාතික පෙරමුණට එක්‌ වූ අවස්‌ථාවේදී පවා එයට විරුද්ධව කතා කළ එකම මන්ත්‍රීවරයා වන මා කිසිම දිනක එක්‌සත් ජාතික පක්‍ෂයට යන්නේ නැහැ.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මොනයම් හෝ අපේක්‍ෂකයෙකුට හෝ පක්‍ෂයකට සහාය දෙන බව සඳහන් කර නැහැ. මගේ ග්‍රහයා හා වෙලාව හොඳ නම් රටේ මිනිස්‌සුන් කැමති නම් මටත් ජනාධිපති අපේක්‍ෂකයෙකු වීමේ අවස්‌ථාවක්‌ ලැබෙන්න ඉඩ තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන්ගෙනුත් සියයට 90 කට වැඩි ප්‍රමාණයක්‌ ඉන්නේ තමා සම`ග බව කුමාර වෙල්ගම මහතා පැවසීය.

ඒ මහතා එසේ සඳහන් කළේ, අයිඩියල් මෝටර්ස්‌ සමාගම මගින් මතුගම මැතිවරණ කොට්‌ඨාසයේ උඩගංගොඩ ඉදි කළ, වාහන එකලස්‌ කිරීමේ කර්මාන්ත ශාලාව, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ කුමාර වෙල්ගම මහතා තමන්ගේ රට දාල ගිය අයට රට හදන්න කැක්‌කුමක්‌ හෝ ශක්‌තියක්‌ නැහැ. මහින්ද රාජපක්‍ෂ, චමල් රාජපක්‍ෂ, දිනේශ් ගුණවර්ධන යන මහත්වරුන්ට නම් රට ගැන කැක්‌කුමක්‌ තිබෙනවා.

වාමාංශික අදහස්‌ දරන ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයෙකු වන මා එක්‌සත් ජාතික පක්‍ෂයට කඩේ යන්නේ නැති බවද සඳහන් කළ හැකියි.

එදා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විරුද්ධව කතා කළ සරත් ෙµdන්සේකා මහතා අද කියන දේවල් ගැන සිතන විට පුදුම සහගතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements