Advertisement

ඉදිරි ජනාධිපතිවරණයට තමා අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්‌කෘතික ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (23 වැනිදා) මාතර සනත් ජයසූරිය ක්‍රීඩා පිටියේදී පැවැති 'සජිත් එනවා' දෙවැනි ජන රැලියට එක්‌වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස්‌ දක්‌වමින් ඒ මහතා පැවසුවේ තමා මන්දිරවල ජීවත් නොවන බවත් නිතරම ජනතාව සමග සිටින බවත්ය.

කිසියම් හෝ හදිසි මොහොතක තමා මරණයට පත් වුවහොත් එය සිදුවන්නේ ද ජනතාව සමග අත්වැල් බැඳගෙන බවද මෙහිදී සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ජන රැලිය මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් සංවිධානය කර තිබිණි. ඊට රාජ්‍ය ඇමැති බුද්ධික පතිරණ ඇතුළු එක්‌සත් ජාතික පක්‍ෂ මැති ඇමැතිවරු රැසක්‌ සහභාගි වූහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements