Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තමාගේ තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ පසුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඔහු මෙබව සඳහන් කර සිටියේ ජනාධිපති නිල නිවසේ ඊයේ(27) පස්වරුවේ පැවති ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාෂිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙම රැස්වීමට සහභාගිවී සිටි අතර ජනාධිපතිවරයා විසින් ඇයව ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගනු ලැබිය.

ඉදිරියේ දි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට වඩා පාර්ලිමේන්තු මැතිවරණය දේශපාලනික වශයෙන් වැදගත් බව රැස්වීම අමතමින් කියා සිටි ජනාධිපතිවරයා, 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මින් ඉදිරියට ජනාධිපති තනතුර බලවත් තනතුරක් නොවන බවත් පාර්ලිමේන්තු බලය අතිශයින්ම වැදගත් බවත් අවධාරණය කර සිටියේ ය.

එහෙයින් ජනාධිපතිවරණය ගැන සිතනාවට වඩා පාර්ලිමේන්තු බලය ලබා ගැනීම සම්බන්ධයෙන් සියලුම ආසන සංවිධායකවරුන් අවධානය යොමුකල යුතු බව ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

“ජනාධිපති ධූරයට තරග කිරිම ගැනවත්, වෙනත් පක්ෂවල අපේක්ෂකයින්ට සහාය දැක්වීම ගැන මෙතන මාතෘතාවක් කර ගන්න ලෑස්ති වෙන්න එපා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරාට පස්සේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දු තීරණ ගන්න වැඩේ කරන්න අපට හැකියාවක් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂකක් ඉදිරිපත් කරනවා ද ? නැතිනම් එක්සත් ජාතික පෙරමුණට හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය ලබා දෙනවා ද? යන්න සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කෙරුනාට පසුවයි" යයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook