Advertisement

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඩීල් දමන කිසිවෙකුට තම සහය නොදක්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයට තනිව ජනාධිපතිවරණය ජය ගත හැකි තත්ත්වයක් ඇති බවත් කී ජනාධිපතිවරයා තම පිලට දා ගැනීම යනු විෂබීජයක් එක්කර ගැනීම බවත් ඇය සඳහන් කළාය.

දැනටමත් ජනාධිපතිවරයා එක්සත් ජාතික පස්සේ සමහර පිරිස් සමග හොරෙන් හොරෙන් සාකච්ඡා කරමින් සිටින බව ද ඇතැමුනට අගමැතිකම දෙන්නම් යැයි පොරොන්දු වී ඇති බවත් ඇය පැවසුවාය.

එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් ජනාධිපතිවරයාගේ එම ඉල්ලීම් වලට අනුව වැරදි මාර්ගවල යන බවත් තමනටද එම මාර්ගවලට අදින්න හදන බවත් ඇය තවදුරටත් කියා සිටියාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements