Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම මධ්‍යස්ථ මතධාරියකු ලෙස හැඳින්වෙන හිටපු ඇමැතිවරයකු මෙන්ම කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයකු ද වන ඉමිතියාස් බාකිර් මාකර් මහතා සමග දිවයින පුවත්පත කරන ලද සම්මුඛ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය - ජනාධිපතිවරණය සඳහා තවත් තියෙන්නේ මාස කිහිපයයි. නමුත් එජාපය ඊට තවමත් සූදානමක් නෑ වගෙයි නේද?

පිළිතුර - එක්සත් ජාතික පක්‍ෂය දැන් ඒකමතිකතාවකට පැමිණ තිබෙනවා. අනෙකුත් සහෝදර දේශපාලන පක්‍ෂ සමග පුළුල් ජාතික සන්ධානයක් පිහිටුවා ගැනීමටග ඊට පෙර එජාපයේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කළ යුතුයි කියලයි පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායමේ වැඩි දෙනකුගේ කැමැත්ත වෙලා තියෙන්නේ.

ප්‍රශ්නය - නමුත් මේ හවුල තාම හදා ගන්න බැරිවෙලානේ. දැන් මේක අවුලක් වෙලා කියලයි අපට පෙනෙන්නේ.

පිළිතුර - මේ සන්ධානය හදන එක ගැන කිසිම මතභේදයක් නෑ. අපේ සියලුම නායකයන්ල කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් ඒකමතිකව කිව්වා මේ සන්ධානය හදන්න ඕනෑ කියලා. නමුත් ප්‍රශ්නය වුණේ ඒක පොඩි කල් දැමීමක් සිද්ධ කරන්න වුණා ජනාධිපති අපේක්‍ෂකයා නම් කරලා ඊට පසුව සන්ධානයට අත්සන් කරන්න ඕනෑ කියලා.

දැන් පක්‍ෂයේ නායකයෝ ස්ථාවරයකට ඇවිත් තිබෙනවා. ජනාධිපති අපේක්‍ෂකයාල කවුද කියල තීන්දු කළාට පසුව ගිවිසුම අත්සන් කරන්න.

ප්‍රශ්නය - පොහොට්ටුවේ අපේක්‍ෂකයා මේ වනවිටත් නම් කර අවසන් නමුත් ඔබතුමාල තවමත් අපේක්‍ෂකයා තෝරා ගන්න විදිහ ගැන කතා කරනවා.

පිළිතුර - ඒ අයට අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නෑනේග පවුලේ අය එකතු වුණාග කාවද දාන්නේ කියලා තීන්දු කළා. එච්චරයිග අගමැතිල ජනාධිපති එන්නේ රාජපක්‍ෂ පවුලෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයත් රාජපක්‍ෂ කෙනකුටම හම්බවෙයිල කථානායක ධුරයත් ඒ පවුලටම යාවි. මුදල් අමාත්‍යාංශයත් ඒ පවුලටම යාවිග අපේ පක්‍ෂයේ එහෙම පහසුවෙන් තීරණ ගන්න බෑ. මොකද අපට අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන නිසා.

ප්‍රශ්නය - ඒත් රනිල් දල සජිත් දල කරු ද කියන කාලාන්තරයක් තිස්සේ උරුම වුණු ප්‍රශ්නයක් එජාපයට තිබෙනවා ඔබේ මතය මේ තිදෙනාගෙන් කවුරුන් ඉදිරිපත් කළ යුතුයි කියලද?

පිළිතුර - මම හිතන්නේ එය කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම එක්ව තීරණය කළ යුතු දෙයක් අපේ පක්‍ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක් අපට එය ගෙදර සිට තීන්දු කළ නොහැකියි.

ප්‍රශ්නය - ඒත් සජිත් ප්‍රේමදාස මහතා ර්‍ණදැන් 2020 ට සජිත් එනවා” කියලා විශාල පෝස්ටර් ව්‍යාපාරයක් වගේම ජනරැලි මාලාවක් ආරම්භ කර තිබෙනවා. ඔබ ඔය කියන විදියට පක්‍ෂය නම් කරන්න කලින් එහෙම ක්‍රියා කිරීම සුදුසු ද?

පිළිතුර - නෑ  එතුමා ආරම්භ කර තිබෙනවා නෙවෙයි එතුමන් පිළිගැනීමටයි මේවා ආරම්භ කර තිබෙන්නේ. ඌව පළාතේ මන්ත්‍රීවරු එකතුවෙලා පළමු රැලිය පැවැත්වූවා. මේක ගැන පක්‍ෂයට ප්‍රශ්නයක් නෑ. අනෙක එජාපයේ අපේක්‍ෂකයා වීම පිළිබඳව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරයකට මෙන්ම මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයකට ප්‍රශ්නයක් නෑ.

ප්‍රශ්නය - ඌවේ මන්ත්‍රීවරු මෙම රැලිය පැවැත්වූවා කියලා කිව්වාට මේ රැලි දීප ව්‍යාප්තව පවත්වන්න තීරණය කර තිබෙනවා.

පිළිතුර- මේ රැලි පවත්වලා ජනාධිපති අපේක්‍ෂකයා කියලා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමක් නොවෙයි මේ කරන්නේල සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීම සඳහායි මේවා කරන්නේල අනෙක මේක රහසක් නොවෙයි රට පුරාම සිටින පාක්‍ෂිකයෝ ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස ඉතින් පාක්‍ෂිකයන්ගේ නොනිල ජනාධිපති අපේක්‍ෂකයා සජිත්ල පක්‍ෂය ඔහුව අපේක්‍ෂකයා කිරීමට නිල තීන්දුවක් පමණයි ගත යුතුව තිබෙන්නේ. මේක තමයි යථාර්ථය.

ප්‍රශ්නය - මෙහෙම පිළිගැනීමක් කළුතරත් සංවිධානය කරන්න වෙයි එහෙනම්.

පිළිතුර - පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා සජිත්ල අපි මීට පෙර සරත් ෆොන්සේකාල මෛත්‍රිපාල සිරිසේන යන අයව ඉදිරිපත් කළා. ඉතින් අපේ පක්‍ෂයේ නියෝජිතයකු පිළිගන්නා සහ පක්‍ෂයේ නියෝජිතයකු ජනාධිපති අපේක්‍ෂකයා කිරීම වරදක් නොවෙයි. අනෙක් පක්‍ෂවල නායකයොත් මේවාට විරුද්ධ නෑ. සජිත් ප්‍රේමදාස මහතා එනවාට බයවෙලා තියෙන්නේ රාජපක්‍ෂ කඳවුරයි.

ප්‍රශ්නය - එහෙම කිව්වාට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග හැප්පෙන්න සජිත්ට පුළුවන් වේවිද?

පිළිතුර - එජාපය කියන්නේ මේ රටේ තිබෙන ශක්තිමත්ම පක්‍ෂයක්. සජිත් ප්‍රේමදාස කියන්නේ හොඳ දැක්මක් තිබෙනල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ඔහුට කාටවත් ඇඟිල්ල දිගු කරලා චෝදනා කරන්න බෑ. තරුණ නායකයෙක්ග හැමෝම එකතුවෙලා මේ තීරණය ගත්තොත් අපේ පක්‍ෂයට මේ ජයග්‍රහණය තවත් පහසු වෙයිග අනෙක අපේ පක්‍ෂයේ ඕනෑම පොඩි මිනිහෙකුට තැනක් තිබෙනවා කියලා රණසිංහ ප්‍රේමදාස මහතා ඔප්පු කළාග එයින් ඔප්පු වුණේ එජාපයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයයිග

ප්‍රශ්නය - නමුත් පක්‍ෂ නායකත්වය ඇතුළු කොටසක් සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධ බව පෙනෙනවා. පක්‍ෂ නායකත්වයේ කැමැත්ත ගන්න කලින් කොහොමද රටේ කැමැත්ත ගන්නේ.

පිළිතුර - දිවයින පත්තරේ නම් විරුද්ධ ඇති ඒත් පක්‍ෂය ඇතුළේ නම් එහෙම විරෝධයක් පේන්න නෑ. පක්ෂය ඒකමතිකව තීරණයක් ගනීවි කියලායි පෙනෙන්න තියෙන්නේ. සාකච්ඡාල සංවාද මැද ඒකමතිකත්වයකට එන තත්ත්වයක් අද ඇවිත් තිබෙනවා.

ප්‍රශ්නය - සජිත් ප්‍රේමදාස මහතා එජාපයේ ජනාධිපති අපේක්‍ෂකයා නම් රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන තැන කුමක්ද?

පිළිතුර - ඒවා කතා කරලා විසඳගන්න පිළිවන් මෙහෙම ප්‍රශ්න අපේ පක්‍ෂයේ ඇතිවෙලා තිබෙනවාග ඩඞ්ලි - ජේ. ආර් ප්‍රේමදාස - ජේ. ආර්ල ඊට පෙර ඩඞ්ලි - කොතලාවල ප්‍රශ්න ඇතිවෙලා තිබෙනවාග මේවා සියල්ල ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාකච්ඡා කරල විසඳගන්න පුළුවන්.

අපේ පක්‍ෂයේ එකමුතුකම වෙනුවෙන් එක් වතාවක් ඩඞ්ලි සේනානායක මහතා විපක්‍ෂ නායක ධුරය ජේ. ආර්. ට දීලා පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස වාඩි වුණාග මේවා සුළු වැඩ. ලෝක ඉතිහාසයේත් මෙහෙම වෙලා තිබෙනවා. එකම පුද්ගලයකු හැමදාම ඉන්න ඕනෑ කියලා තීරණයක් නෑ.

සාකච්ඡා කළේ - අකිත පෙරේරා
divaina

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook