Featured News

Video Gossip

Advertisement

ජනතා විමුක්ති පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයකු නම් කිරීම එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමට විශාල අභියෝගයක් වන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කලේ රත්නපුර නව නගරයේ පැවති දේශපාලන ක්‍රියාකාරී හමුවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,“ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලය පුරාවට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ආරක්ෂා කිරීමේ සුක්ෂම වැඩපිළිවෙලක තමයි නිරත වෙල හිටියේ.ආණ්ඩුව අස්ථාවර වෙනකොට කොහොමහරි ආරක්ෂා කිරීමට ඔවුන් ඉදිරිපත් වුණා.ගිය අවුරුද්දේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරපු වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහත්තයව අගමැති කරන්න පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් පුදුම කැපවීමකින් තමයි කටයුතු කලේ.දෙමල සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ එකට එකතුවෙලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයව නැවත අගමැති පුටුවේ වාඩිකලේ.

ඒ වගේම පසුගිය කාලය පුරාවට ජනතා විමුක්ති පෙරමුණ වේදිකාවේ ආණ්ඩුව විවේචනය කරනවට වඩා මහින්ද රාජපක්ෂ කල්ලිය ගැනයි එතුමාගේ ආණ්ඩුවේ කරපු හොරකම් ගැනයි කිය කියා රට වටේ ගිය එක තමයි ජවිපෙ නායකයින් කලේ. කොටින්ම කියනවනම් ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් තමයි ජවිපෙ කලේ.දැන් කොහොමත් මෙවර ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයට ලැබෙන්න තිබුණු ජේවිපී ඡන්දට ටික එක්සත් ජාතික පක්ෂයට ලැබෙන්නේ නෑ.ඒ වගේම යූ.එන්.පී ඡන්ද වලිනුත් සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් මෙවර අනිවාර්යයෙන් ජනතා විමුක්ති පෙරමුණ ලබා ගන්නවා. පොදුජන පෙරමුණේ ඡන්ද පදනමට කිසිම බලපෑමක් වෙන්නේ නෑ.මන්ත්‍රීවරයා පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින්,දැන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය විශාල අර්බුදයක ඉන්නේ .රනිල් වික්‍රමසිංහ මහත්තයා හරිම සූක්ෂම දේශපාලඥයෙක්.එතුමා ඕනෑම ප්‍රශ්නයක් විසඳන්නේ කල මැරීමෙන්. මෙවර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයත් බාලගිරි දෝෂය වගේ.අද නොවෙයි හෙට කිය කියා කල්මරමින් සිටිනවා.සජිත් ප්‍රේමදාස මහත්තයා තමන් විසින්ම ජනාධිපති අපේක්ෂකත්වයට නම්කරගෙන රට වටේ යනවා. සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

– ධම්මික තිලකරත්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements