Advertisement

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය බෙදා වෙන් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ මොහොතේ කල්පනා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ පරාජයෙන් පසු තමන් ආරක්ෂා වීමේ උපක්‍රමික ක්‍රියාමාර්ගයක් ගැන බවද ඔහු සඳහන් කළේය.

ඒ හේතුවෙන් ජනාධිපතිවරයා දැන් කල්පනා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන්ගේ ආරක්ෂාව සහතික කළ හැකි පුද්ගලයකු ජනාධිපති හෝ අගමැති බවට පත් කිරීමට බවද ඔහු කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයෙන් බෙදා වෙන් කිරීමේ කුමන්ත්‍රණය පසුපස සිටින්නේ ජනාධිපතිවරයා බවත් ඔහු චෝදනා කළේය.
මන්ත්‍රීවරයා විසින් මෙම චෝදනා කරද්දී අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
තමන් ලග තවත් විශේෂ හඬපට කිහිපයක් ඇති බවත් අවශ්‍ය වුවහොත් ඒවා ඉදිරිපත් කරන්න තමන් සූදානම් බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements