Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ඊයේ (21) රාත්‍රියේ කොළඹ සුපිරි හෝටලයකදි රාත්‍රී ආහාරවේලක් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සංධානයක් පිළිබඳව සාකච්ජා වෙමින් තිබියදී මෙම රාත්‍රී භෝජන සංග්‍රහය පවත්වා ඇති අතර නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පා.ම දුමින්ද දිසානායක මහතා පමණක් එම භෝජන සංග්‍රහයට සහභාගී වී නැත. 

පසුගිය පළාත්පාලන මැතිවරණයේදී පොහොට්ටුවේ කෙනහිලිකම් මැද පක්ෂය හා එක්ව ක්‍රියාකල අපේක්ෂකයින් අට දහසකගේ සහ ආසන/ දිස්ත්‍රික් සංවිධායකයින්ගේ අනාගත දේශපාලන ඉරණම පිළිබඳව නිසි තීරණයක් නොගෙන මෙලෙස පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධ වීම සුදුසු නොවන බවයි දුමින්ද දිසානායක මහතාගේ මතය වී ඇත්තේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements