Advertisement

රට ගොඩනැංවිය හැකි ප‍්‍රතිපත්ති පදනම් කරගත් ශක්තිමත් බලවත් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කොට එම සන්ධානයේ ජනපති අපේක්‍ෂකයාද ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය. 

අගමැතිවරයා මේ කරුණු ප‍්‍රකාශ කළේ අංකුඹුරේ පැවැති ජනහමුවකට එක්වෙමිනි. එහිදී අගමැතිවරයා මෙසේද කීය.

රටේ අනාගතය වෙනුවෙන් රට ගොඩන`ගන අපේ ප‍්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කිරීමෙන් තොරව අපේ අපේක්‍ෂකයා පිළිබඳව සඳහන් කරන්නේ නැහැ. ප‍්‍රතිපත්ති මාලාවත්, අපේක්‍ෂකයාත් යන දෙකම අප සතුව තිබෙන බව සඳහන් කරන්න කැමැතියි. රට දියුණු කර ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳව අපෙන් ප‍්‍රශ්න කරන කණ්ඩායම්වල වැඩපිළිවෙළ කුමක්දැයි අහන්න කැමැතියි.

ඡුන්දය ලබාදීමෙන් සුදුසු අයකු ජනාධිපති කිරීම ඔබේ අරමුණ වන්නේ නැහැ. එම ඡුන්දයේදී ඔබටත්, රටටත් සිදුවන සේවය පිළිබඳව සිතා ඡුන්දය භාවිත කරන මෙන් ඉල්ලා සිටිනවා. ඒ නිසා අලූතින් සිතමින් නව ප‍්‍රතිපත්ති සමග දේශපාලන පක්‍ෂ හා සංවිධාන සියල්ලකම එකතුවෙන් නව සන්ධානය ඇති කර අපේක්‍ෂකයා නම් කරනවා. එහි මූලික වැඩකටයුතු අපි මේ වන විටත් සිදුකරමින් සිටිනවා. ඒ වෙනුවෙන් අනෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡුා කරනවා. නව සන්ධානයක් වශයෙන් ඉදිරිපත්වීමට අපේ ප‍්‍රතිපත්තීත් ඉදිරිපත් කළ යුතුයි. එම ප‍්‍රතිපත්ති මගින් රට ගොඩනැ`ගීමට පියවර ගත යුතුයි.

මේ රට ගොඩනැ`ගීමට වෙන කිසිවෙකුටත් බැහැ. අපිම සිතමින් රට ගොඩනැ`ගීමට කටයුතු කළ යුතුයි. රට ගොඩනැ`ගීම වෙනුවෙන් අප ඉදිරිපත් වන බව සඳහන් කරන්න කැමැතියි. නව සන්ධානය තුළින් දේශපාලන පෙරළියක් ඇති කිරීමටත්, එම පෙරළිය තුළින් රට ගොඩනැ`ගීමටත් අප බලාපොරොත්තු වෙනවා. එක් එක් ආණ්ඩුවල වෙන වෙන පක්‍ෂ සම`ග කටයුතු කර අත්දැකීම් රාශියක් අපට තිබෙනවා. එකට එකතු වී ආණ්ඩු කිරීම, අමාරු කාලවල ආණ්ඩු කිරීම පිළිබඳවත් අත්දැකීම් රාශියක් අපට තිබෙනවා. අප ඇති කරන මේ නව සන්ධානය හැර වෙනත් කිසිම කණ්ඩායමකට එතරම් අත්දැකීම් නොමැති බව සඳහන් කරන්න කැමැතියි.

එක්සත් ජාතික පක්‍ෂයේත් අනෙක් පක්‍ෂවලත් අනන්‍යතාවය රැකගනිමින් නව සන්ධානය ඇති කරනවා. පාඨලී චම්පික රණවක ඇමැතිතුමා ජාතික හෙළ උරුමයේ අනන්‍යතාවය ආරක්‍ෂා කරමින් මේ සන්ධානය හා එක් වෙනවා. මෙවැනි ශක්තිමත් බලවේගයකට මුහුණදීමට කිසිවෙකුටත් බැහැ. තමන්ට ප‍්‍රතිපත්තියක් හා රට ඉදිරියට ගෙන යා හැකි කණ්ඩායමක් තිබේ නම් පමණක් පෝස්ටර්, පත්තර, රූපවාහිනි සියල්ල සුදුසු බව සඳහන් කරන්න කැමැතියි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements