Advertisement

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය 90කට වැඩි සාමාජික සංඛ්‍යාවකින් සමන්විත වුවද මේවනවිට ඊට පත්ව ඇත්තේ 63දෙනෙකු පමණි. ඉන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් මෙවවිට සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කිරීමට ප්‍රසිද්ධියේම සහය පළකර තිබේ.

එම තත්වය සැලකිල්ලට ගෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට වහාම 30 දෙනෙකු නම් කිරීමට ඉහත සාකච්ජාවේදී යෝජනා වී ඇති අතර ඊට අදාල නම් එම මොහොතේම තීන්දුකර තිබේ. එම ලැයිස්තුව හෙට (26) දිනයේදී මැතිවරණ කොමසාරිස් කාර්යාලයට දැනුම්දීමට තීන්දුකර ඇති අතර අනතුරුව කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා ජනාධිපති අපේක්ෂකයා සම්බන්දයෙන් ඡන්ද විමසීමක් සිදුකිරීමට තීරණය කර තිබේ.

එහිදී මිට අදාල නීතිමය කටයුතු තිලක් මාරපන අමාත්‍යවරයා වෙතත් මාධ්‍ය මෙහෙයුම ලසන්ත ගුණවර්ධන වෙතත් එජාපෙ අනෙකුත් පක්ෂ සමග සම්බන්ධීකරණය රවී කරුණානායක වෙතත් පවරා ඇත.

රනිල් දුන් පොරොන්දුවේ දින අවසන් !

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අපේක්ෂකයා තොර ගැනීම සිදුකල යුත්තේ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින්ගේ ඒකාබද්ධ රැස්වීමකදී බහුතරයේ එකඟත්වය අනුවය. 

ඒ අනුව, ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය එකවර කැඳවන්නැයි එජාප මන්ත්‍රීවරුන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් විසින් අගමැතිවරයා ගෙන් පසුගිය 19 සඳුදා දා ලිඛිත ඉල්ලීමක් කර තිබිණ.

ඒ අතර පසුගිය බදාදා (21) අගමැතිවරයා හමුවූ කබීර් හෂීම්, මලික් සමරවික්‍රම හා රන්ජිත් මද්දුම බණ්ඩාර යන එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ද එම ඉල්ලීම කර තිබු අතර ලබන සඳුදා (26) ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගෙනබවට අගමැතිවරයා එහිදී පොරොන්දු වී තිබිණ. එම කාලය හෙටින් අවසන්වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements