Advertisement

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන වාර්තා වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයා වෙත යවා තිබේ.

මෙසේ විමර්ශන වාර්තා යොමු කර ඇත්තේ, මේ සිද්ධියට අදාළ නාවික හමුදා වාර්තා ලබා දී නැති තත්වයක් තුළ ය. තාජුඩීන් ඝාතනය කෙරුණු 2012 මැයි 16 වැනිදා යෝෂිත රාජපක්ෂගේ සහ ඔහුගේ ආරක්ෂාවට සිටි නාවික බෙළුන්ගේ දෛනික සේවා සටහන් වාර්තා පොත් අවස්ථා ගණනාවකදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිණි. එහෙත්, මෙම DOB වාර්තා අස්ථානගතවී තිබේ. නාවික හමුදාව පාර්ශවයෙන් එය මඟහරිමින් සිටියේ එම නිසා බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම මේ ඝාතනය සිදු වූ දින රාත්‍රියේ ශිරන්ති රාජපක්ෂ විසින් එවකට ගල්කිස්ස පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ, පොලිස් පරීක්ෂකවරයාට දුරකථන ඇමතුම් 40කට වැඩි ප්‍රමාණයක් ලබාදී තිබේ. ඊට අදාළ විමර්ශනද ඇණහිට ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා නීතිපතිවරයාට යොමු කර ඇත්තේ, එම තොරතුරු නොමැතිව ය.

මේ නිසා වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියෙන් යෝෂිත රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ බේරාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව පැහැදිලිය.

ශාලික විමලසේන – ලංකා ඉරිදා සංග්‍රහය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements