Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

කොළඹ, වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයාගේ ඝාතනය, ගාල්ල බන්ධනාගාරයේ ජේයෂ්ඨයකුගේ කොන්ත්‍රාත්තුවක් මත දකුණේ පාතාලය විසින් කරන ලද්දක් බවට ආරක්ෂක අංශවලට තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව වාර්තා වේ.අම්බලන්ගොඩ, කුලීගොඩ, සැන්ටින් ද සොයිසා මාවතේ පදිංචි මෙරෙඤ්ඤ තිළිණ රුවන් තිහාර ජයරත්න (44) නමැති ජේලර්වරයා ඉකුත් 03 දා සවස අම්බලන්ගොඩ, කුලිගොඩදී වෙඩි තබා ඝාතනය කර තිබිණි.

මෙම ඝාතනය පිටුපස ඇත්තේ හෙරොයින් ජාවාරමට අමතරව බන්ධනාගාරගත වන පාතාලයේ කෙරුමන්ට බන්ධනාගාරය තුළදී තමන්ගේ පාතාල ක්‍රියාකාරකම් අවහිරයකින් තොරව පවත්වාගෙන යෑමට ඉඩ සලසා ගැනීමට අදාළ කාරණා බව පොලිසිය තහවුරු කරගෙන තිබේ. දකුණේ පාතාල නායක නො. 06, තෙල්වත්ත, හික්කඩුව ලිපිනයේ පදිංචි අරුමාහන්දි ලසිත් මධුසංක ද සිල්වා (27) නොහොත් පොඩි ලැසි, හික්කඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් (35), අම්බලන්ගොඩ, ඉඩන්තොට, තිරිමාදුර ඉන්දික ද සොයිසා (33), අගම්පොඩි දේවිකා ද සොයිසා (27) සහ ඔවුන්ගේ දරුවා වන තිරිමාදුර රන්දික ද සොයිසා (04) යන පුද්ගල ඝාතනයන් සහ තවත් ඝාතනයන් රැසක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

මෙම නඩු දෙකටම අදාළව ඔහුට මේ වන විට ඇප නියම වී ඇතත්, ඇප කොන්දේසි සම්පූර්ණ කිරිමට මෙතෙක් නොහැකි වී ඇත.

ඇප මත නිදහස් සිටිනවාට වඩා රක්ෂිත බන්ධනාගාරගතව සිටීම, වර්තමානයේ පාතාලයන්ගේ උපක්‍රමයක් වී තිබෙන අතර සිය ආරක්ෂාව මෙන්ම පාතාල ක්‍රියාකාරකම්වලට බන්ධනාගාරය ඉතා හොඳ තෝතැන්නක් බව ඔවුන්ගේ මතයයි. 2014 වර්ෂයේ සිට බූස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස සේවය කළ තිළිණ රුවන් තිහාර ජයරත්න (44) එහිදී පෙන්වූ රාජකාරිමය දක්ෂතාවන් මත ඉහළ මට්ටමේ බන්ධනාගාරයක් වන ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයා ලෙස පත්ව ආ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ගවලින් සනාථවේ.

කොළඹ මැගසින් බන්ධනාගාරයේ දැඩි ආරක්ෂාව මත රඳවා සිටින ලසිත් මධුසංක (27) හෙවත් පොඩි ලැසි, ඔහුට එරෙහිව ගාල්ල හා බළපිටිය අධිකරණවල විභාග වන නඩු සඳහා ඊට පෙර දින ගාල්ල බන්ධනාගාරයට ගෙන ගොස් රඳවා තබන අතර එහිදී ඔහුට ගාල්ල බන්ධනාගාර ජේයෂ්ඨයකුගේ යටතේ විශේෂ සැලකිලි ලැබෙන බව කියයි.නඩුවෙන් පසුවද යම් යම් හේතු දක්වමින් දින දෙකක් හෝ තුනක් පොඩි ලැසී, ගාල්ල බන්ධනාගාරයේ රඳවා තබාගන්නා බව ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් අතර ප්‍රසිද්ධ රහසකි. එම දින කීපය තුළ ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයාගේ අනුහසින් පොඩි ලැසීට ඕනෑ තරම් දුරකථන පහසුකම් ලැබෙන බවද දැනගන්නට ඇත.

පොඩි ලැසී, සිය හෙරොයින් ජාවාරම මෙන්ම තමන්ට එරෙහි වන පුද්ගලයන් තම ගෝලයන් යොදවා ඝාතනය කරන්නේ මේ ආකාරයෙන් බන්ධනාගාරයේ සිට බවද කියති. ඊට සන්තෝසම් වශයෙන් හෙරොයින් ජාවාරම හරහා පොඩි ලැසී උපයන ධනයෙන් සැලකිය යුතු කොටසක් ගාල්ල බන්ධනාගාර ජේෂ්ඨයකුගේ ගිණුමට බැර වන බවද කියති. මෙම ක්‍රියාවට දැඩිලෙස, ඝාතනයට ලක් වූ තිළිණ රුවන් තිහාර ජයරන එරෙහි වන අතර අදාළ ඉහළ නිලධාරියා ඒ සමහම ඔහු සමඟ ප්‍රබල ගැටුම් ඇතිකරගෙන තිබේ.

ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් විශාල පිරිසක් තිළිණ රුවන් තිහාර ජයරත්න සමඟ එකතු වීම දෙදෙනා අතර අරගලය තව තවත් තීව්‍ර කර ඇත. 

බන්ධනාගාර ජේයෂ්ඨයකුගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පෙත්සම් හා පැමිණිලි රැසක් ලැබෙන අතර ඒවා තිළිණ රුවන් තිහාර ජයරත්න විසින් යොමුකර තිබෙන බවට බන්ධනාගාර ජේෂ්ඨයකු තුළ හට ගන්නා සැකය, දෙදෙනා මහ

වෛරක්කාරයන් බවට පත්කර තිබේ.

මීටියාගොඩ පොලිසියේ නිලධාරින් පිරිසක් පාතාල නායක පොඩි ලැසීගේ කුඩු තිප්පොළක් 2018.10.19 දින වටලා පොඩි ලැසීගේ ගෝලයකු අත්අඩංගුවට ගන්නේ ගාල්ල බන්ධනාගාරයේ ඉහළ නිලධාරියා හා නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයා අතර මෙම ගැටුම සීතල යුද්ධයක් බවට පත්ව තිබූ වකවානුවේදීය. ඒ වන විට ඔහු ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයා වශයෙන් සේවය කරමින් සිටි තිළිණ රුවන් තිහාර ජයරත්න 2018.03.19 දින කුකුළු මස් මිලදී ගැනීම සඳහා කුඩු තිප්පළ ආසන්නයේ පිහිටි සත්ව ගොවිපළක් වෙත ගොස් තිබුණු බව කියයි.

අදාළ දිනයේ ඔහු එහි පැමිණියේ කුමක් සඳහාද යන්න මීටියාගොඩ පොලිසියේ සැකයට භාජනය වී ඔහු අත්අඩංගුවට ගෙන පසුව මුදාහැර තිබේ. පසුව සිදධිය සැලවීමත් සමඟ බන්ධනාගාර ජේයෂ්ඨයා, ඔහුට එරෙහිව බන්ධනාගාර මටිටමින් පරික්ෂණයක් ආරම්භ කර තිළිණ රුවන් තිහාර ජයරත්න වැඩ තහනමකටද ලක්කර තිබේ. ඊට පසුව ඔහු නැවත මීටියාගොඩ පොලිසියේ අත්අඩංගුවට පත්වන අතර හෙරොයින් ජාවාරමේ යෙදුණු බවට සැකකර ඔහුට එරෙහිව බළපිටිය අධිකරණයේ නඩු පවරනු ලබයි. බන්ධනාගාර පරීක්ෂණයෙන් හා නඩුවෙන් නිදහස් වන තිළිණ රුවන්ට නැවත රස්සාව ලැබෙන්නේ කොළඹ, වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ලෙස මීට මාස 04කට පමණ පෙරදිය.

ගාල්ල බන්ධනාගාරයේ සේවය කළ යුගයේ ගොඩනඟාගත් සම්බන්ධතා මත ගාල්ල බන්ධනාගාර ජේයෂ්ඨයකුගේ විවිධ අක්‍රමිකතා වෙනදාට වඩා තිළිණ රුවන් තිහාර ජයරත්නට ලැබෙන අතර එම නිලධාරියාට එරෙහිව ඔහුගේ ක්‍රියාකාරකම් එන්න එන්න වැඩිවී තිබේ. පසුගිය මාස කිහිපය වන විට එය උච්චතම අවස්ථාවට පත්ව තිබුණු බවද කියයි.

ගාල්ල බන්ධනාගාරයේ එම නිලධාරියාට අයත් බව කියන විශාල නිවාස 03ක් හා ගාල්ල, කලහේ, ප්‍රදේශයේ ඔහු විසින් ඉදිකරමින් සිටින බව කියන සුවිසල් මන්දිරය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වාර්තා වන්නේ තිළිණ රුවන් තිහාර ජයරත්න හරහා බවට බන්ධනාගාර ඉහළ නිලධාරියා සැකකර තිබේ. එම ජේයෂ්ඨයා බන්ධනාගාර රැකියාවෙන් උපායාගත හැකි මට්ටමට වඩා 50 ගුණයකට අධික ධන සම්භාරයක හිමිකරුවකු විම සම්බන්ධයෙන් බන්ධනාගාර ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබූ බවද රහසක් නොවේ.

එයට අමතරව පාතාලයේ නායකයන්ට ගාල්ල බන්ධනාගාරය තුළදී පහසුකම් සැලසීමට නොහැකිවී ඇත්තේ එසේ ලබාදෙන පහසුකම් අඩු කරන්නට සිදුවී ඇත්තේ තිළිණ රුවන් තිහාර ජයරත්නගේ ක්‍රියාකාරකම් හේතුවෙන් බවටද මතයක් පාතාලය තුළ බන්ධනාගාර ජේෂ්ඨයකු විසින් ගොඩනඟන්නට සමත්ව තිබූ බව ගාල්ල බන්ධනාගාරයේ සෙසු නිලධාරීන් බහුතරයකගේ අදහස වී ඇත. මේ නිසාම ගාල්ල බන්ධනාගාරය එම නිලධාරියාගේ සේවය ගාල්ල බන්ධනාගාරයට අහිමි වේ දෝ යන බියක් දකුණේ පාතාලය තුළ වර්ධනය වෙමින් තිබූ බවද දැනගන්නට තිබේ.

මේ හේතුව මත ගාල්ල බන්ධනාගාරයේ ජේෂ්ඨයකු තමන්ට තිළිණ රුවන් තිහාර ජයරත්නගෙන් ඉතා කරදර බව පොඩි ලැසීට පවසා තිබෙන බවද ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීහු කියති. තිළිණ රුවන් තිහාර ජයරත්න ඉවත් කිරිමේ තීන්දුවක් මේ අනුව පොඩි ලැසි ගන්නට ඇතැයි ගාල්ල බන්ධනාගාර නිලධාරිහු ප්‍රකාශ කරති. සුප්‍රකට ඇවන්ගාඩ් සිද්ධියට අදාළව මෑතකදී සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු රඳවා තබා ඇත්තේ ගාල්ල බන්ධනාගාරයේය.

ඔහු අසනීප තත්වයෙන් පසු වන්නේ යැයි පවසා ගාල්ල, කරාපිටිය රෝහලට යොමු කිරීමට ගාල්ල බන්ධනාගාර ජේයෂ්ඨයකු දැරූ උත්සාහයක් ගාල්ල බන්ධනාගාර වෛද්‍යවරයා විසින් ව්‍යර්ථ කර තිබේ. වෛද්‍යවරයා නොමැති අවස්ථාවල ඊට අදාළ බලය පැවරෙන ජේෂ්ඨ හෙද නිලධාරිනිය මඟින් නැවත වරක් අදාළ රැඳවියා කරාපිටිය රෝහලට යොමු කිරීමට එම නිලධාරියා උත්සාහ දරා තිබෙන බව පවසන ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් මේ වෙනුවෙන් රැඳවියාගේ පවුලේ අයගෙන් ලක්ෂය ගණනක මුදලක් එම නිලධාරියා විසින් ලබාගෙන තිබෙන බවටද සැක පළ කරයි. මේ වන විට ඝාතනයේ වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇතැයිද වාර්තාවේ.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook