Featured News

Video Gossip

Advertisement

බළන්ගොඩ මොරහැල උඩවෙල සණස බැංකුවේ රුපියල් කෝටි 15 කට අධික මුදලක් වංචා කළ බවට චෝදනා ලැබූ එහි කළමනාකාරවරිය වූ ඒ. කේ. මංගලිකා චිත‍්‍රාංගනී කරුණාරත්න නැමැත්තිය මේ මස 20 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට බළන්ගොඩ මහෙස්ත‍්‍රාත් බී. ජයරුවන් දිසානායක මහතා ඊයේ (7දා) නියෝග කළේය.

මෙම බැංකුවේ තැන්පත්කරුවන් 300 කට වැඩි පිරිසකගේ මුදල් වංචා කිරීමේ චෝදනාව මත ඇය අත්අඩංගුවට ගත්තේ පෙරේදා (6දා) ය. මාස 9 කට අධික කාලයක් සැකකාරිය පොලිසිය මගහරිමින් සිටියාය. සැකකාරිය පොලිසිය මගින් අධිකරණය වෙත කැඳවාගෙන එන අවස්ථාවේදී ගනුදෙනුකරුවෝ විශාල පිරිසක් උසාවි භූමියේ රැඳී සිටියහ.

මෙම ගනුදෙනුකරුවන් වෙනුවෙන් නීතිඥ දේශබන්දු සූරියපටබැඳි, භානු මුනිප‍්‍රිය යන මහත්වරුන් ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

මෙහිදී විත්තිකාරිය වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු පෙනී නොසිටි අතර මේ පිළිබඳව ඔබට යමක් ප‍්‍රකාශ කිරීමට තිබේදැයි මහෙස්ත‍්‍රාත්වරයා විමසූ අවස්ථාවේ සැකකාරිය විගණනය සිදුකර වංචාකර ඇති මුදල තමා වෙත දැන්වූ පසු එම මුදල ගෙවන බවත් ගනුදෙනුකරුවන් ප‍්‍රකාශ කරන තරම් කෝටි 15 ක මුදලක් තමා වංචාකර නොමැති බවත් පිළිතුරු දෙමින් ප‍්‍රකාශ කළාය.

එහිදී යම් මුදලක් මෙවර ගෙවන්නේදැයි මහෙස්ත‍්‍රාත්වරයා යළි විමසූ විට ‘‘දැන් ගෙවන්නේ නැහැ’’ යනුවෙන් ඇය කෙටි පිළිතුරක් දුන්නාය.

නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඉතා අසරණ ගනුදෙනුකරුවන් ඉතිරි කිරීමේ චේතනාවෙන් බැංකුව විශ්වාස කර මුදල් තැන්පත් කළත් බලධාරීන් නිසි අධීක්‍ෂණයක් නොකිරීම නිසා මෙම තැනැත්තිය හිතුවක්කාරී ලෙස කටයුතු කර ඇති බව පෙනෙන බවයි. පොදු දේපළ පනත යටතේ මෙම නඩුව පොලිසිය විසින් ගොනුකර තිබෙන බවද නීතිඥවරු පැවසූහ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීම පින්නවල පොලිසියේ ස්ථානාධිපති පො.ප. එස්. පී. අමරතුංග සහ උ.පො.ප. එම්. එල්. සමරවීර යන මහත්වරු සිදුකරනු ලැබූහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements