Featured News

Video Gossip

Advertisement

වසර පහක් ආපස්සට ගිය රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් නායකයෙක් රටට අවශ්‍ය බවත් ගිනිපෙට්ටි ගෙවල් හදලා සදාදරණීය පියාණන්ගේ නාමයෙන් රට පුරා පෝස්ටර් ගහන පෝස්ටර් මාරයෙක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග කියයි. 

වසර තිහකට පෙරාතුව ක්‍රියාවට නැංවූ ගම් උදාව මත තවත් එල්ලී සිටින සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා රටට කාර්මික විප්ලවයක් උදා කිරීමට සැරසීම පුදුමයට කරුණක් නොවන බවත් මන්ත්‍රිවරයා කියා සිටියේය.

පසුගියදා (13දා) මිනුවන්ගොඩ ආසනයේදී ශ්‍රී ලංකා පොදුජන තරුණ ක්‍රියාකාරීන් පිරිසක් හමු වූ අවස්ථාවේදී මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී මන්ත්‍රිවරයා මෙසේද කීය. 

මේ රටේ සුවහසක් ජනතාවගේ බලාපොරොත්තුවක් පසුගිය 11 වැනිදා ඉෂ්ට වුණා. ඒ ජනාධිපතිවරණයේදී රට වෙනුවෙන් නොබියව පෙනී සිටිය හැකි කොන්ද පණ ඇති ජනාධිපතිවරයෙක් තෝරා පත් කරගන්නට බලාගෙන හිටපු ජනතාවට දැන් පොහොට්ටුවෙන් අභීත සෙන්පතියෙක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ තමයි අපි කවුරුත් හඳුනන ගෝඨාභය රාජපක්ෂ මහතා.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ දියුණුවෙන් දියුණුවට යමින් හිටපු රට අන්තිමේදී සෝමාලියාවටත් අන්ත රාජ්‍යයක් බවට පත් වුණා. 

හැබැයි දැන් සමහරු පෝස්ටර් ගහනවා ඉන්න හිතෙන රටක් කියලා. ඉන්න හිතෙන රටක් නෙවෙයි මුන් ඔක්කොම මරාගෙන මැරෙන්න හිතෙනවා මේ කරපු අපරාදෙට. ළමයෙක්ට පාසල් යන්න නැහැ. 

අම්මා තාත්තා දෙන්නා බස් දෙකක කොළඹ එන යුගය ආයෙත් ආරම්භ වුණා. අහස උසට බදු ගහලා මිනිස්සු බදු බරෙන් මිරිකිලා ඉවරයි. වේල් තුනක් කාල හිටපු මිනිස්සු දැන් කන්නේ දෙවේලයි. 

ඕක තමයි යූ.ඇන්.පී. කාරයන්ගේ ඉන්න හිතෙන රට. පෝස්ටර් ගහන්නම වටින රට. අපි කාගේත් රට විනාශ කරපු පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ.

සජිත් ආවොත් ගෝඨාභය මහත්තයා දිනන්නේ සියයට 65ක ප්‍රතිශතයක් අරගෙන කියන එකත් මතක තියාගන්න. පෝස්ටර් ටිකක් ගහලා උස මිටි බලලා රස්සා ටිකක් දුන්නම සජිත් හිතන් ඉන්නේ ජනාධිපති වෙන්න පුළුවන් කියලා. 

හැබැයි එයා තමන්ගේ ආසනෙත් සදා පරාජිතයි. ඔතැනත් උදා ගමක් හදන්න පුළුවන් සදා ආසනෙත් පරාජිත ගම කියලා. මේ රේස් එකට අපි දාලා තියෙන්නේ අශ්වයෙක් නම් සජිත් කියන්නේ ගොලුබෙල්ලෙක්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements