Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගැනීමේ සීතල යුද්ධය පෙරේදා (17දා) වනවිට ගල උඩ සටනක් බවට පත්ව පක්‍ෂය තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී ඇති අතර ඊට අදාළව සිකුරාදා සහ සෙනසුරාදා පැවැති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

සිකුරාදා සවස අරලියගහ මන්දිරයේදී පැවැති එජාප ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට ප්‍රමාද වී පැමිණි එජාප උපනායක අමාත්‍ය රවි කරුණනායක මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තමන්ම තෝරා ගන්නා අපේක්‍ෂකයන්ට මේ රටේ ජනතාවගේ ඕනෑ එපාකම් වටහා ගැනීමට හැකියාවක් නොමැති බවත්, පක්‍ෂක විසින් තෝරාගත යුතු වන්නේ ජනතා අපේක්‍ෂාවන් හඳුනාගෙන ඒ අනුව නිවැරැදි දැක්මක් අනුව රට ඉදිරියට ගෙනයා හැකි පුද්ගලයකුට බවත් සඳහන් කර තිබේ. මෙහිදී කරුණු දක්වා ඇති එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බැඳුම්කර වංචා ඇතුළු විවිධ චෝදනා එල්ලවී ඇති පුද්ගලයන්ට මේ රටේ ජනතාවගේ අනාගතය පිළිබඳව නිගමනයන්ට එළඹීමට හැකියාවක් නොමැති බව සඳහන් කර තිබේ. සජිත්, රවි අතර මෙහිදී උණුසුම් වචන හුවමාරු වී ඇතත් මේ අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇතැයි ද අනාවරණය වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements