Advertisement

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන ගෝඨාභය රාජපක්ෂගේ පූර්ව මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා විශේෂඥ උපදෙස් ලබාගැනීමට ඇමෙරිකානු සමාගමක් සම්බන්ධ කර ගැනීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. සමස්ත ප්‍රචාරන ව්‍යාපෘතිය නිරික්ෂණය කරමින් ඊට නව සංකල්ප හඳුන්වා දීමක්, දුර්වලතා හඳුනාගෙන ඒවාට පිළියම් වශයෙන් යෝජනා ඉදිරිපත් කිරීමත් මෙම සමාගමට පැවරෙන වගකිම් අතර වේ. විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ කටයුතුවලදී යොදා ගැනෙන ප්‍රචාරක ආකෘති පිළිබඳව දැනටමත් අවධානය යොමු කර ඇති අතර ට්‍රම්ප්ගේ තේමා පාඨයේම සුළු වෙනසක් කරමින් ගෝඨාගේ තේමා පාඨය සකස් කිරීම ඊට හොඳම උදාහරණයකි.

එසේම ජනාධිපතිවරණය පිළිබඳ නිශ්චිත දිනයක් හෝ කාලයක් තවමත් ප්‍රකාශයට පත් කර නැති නිසා ඊට ආසන්න වශයෙන් තවත් මාස හතරක පමණ කාලයක් හෝ ගත වන බැවින් තම ප්‍රචාරණ ව්‍යාපෘතියෙහි නැවුම් භාවය එතෙක් ආරක්ෂා කර ගැනීම බරපතළ ගැටලුවක් බව ගෝඨාභය රාජපක්ෂගේ අභ්‍යන්තර කවයේ සාමාජිකයන් පෙන්වා දීමෙන් අනතුරුව මෙම ඇමෙරිකානු සමාගමේ සහාය පැතීමට ඔවුන් තීරණය කර තිබේ. මෙම තීරණය සඳහා මැදිහත් වන්නන් අතර මේ වනවිට ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු බවට පත්ව සිටින ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාද ප්‍රමුඛයකු බව එම ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මෙසේ ඇමෙරිකානු සමාගමක් සම්බන්ධ කර ගැනීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් උග්‍ර ඇමරිකානු විරෝධීන් ලෙස පෙනී සිටින විමල් වීරවංස සහ උදය ගම්මන්පිළ සිය විරෝධය පළ කර ඇතත් ඒ පිළිබඳ කිසිඳු අවධානයක් යොමු වී නැත. ඒ නිසා දැන් විමල් ඇතුළු පිරිස මෙසේ ප්‍රචාරක කටයුතු සඳහා ඇමෙරිකානු සමාගමක සහාය ලබා ගැනීම සාධාරණීකරණය කිරීමට හේතු සොයමින් සිටීම ගෝඨා පිලේ ප්‍රබලයන් අතර විනෝදයට කරුණක් වී ඇති බවද දැනගන්නට තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements