Advertisement


1991 මැයි 21 වැනි දින ඉංදීය අගමැති රඡීවි ගාන්ධි තමිල්නාඩුවෙිදී ඝාතනය කර තිබිණි. එහි ප්‍රධාන විත්තිකාරියක වූ ශ්‍රී ලංකාවෙි LTTE සාමාඡිකාවක් වු නලිනී ශ්‍රී හරන්ට ඉංදීය මහාධිකරනය ඡීවිතාන්තය දක්වා වූ සිර දඩුවමක් නියම කලේය . එය ගෙවමින් සිටියදී ඇය එක්වරක් පැය 24 කට සිරගෙදරින් නිදහස් කරනු ලැබුවෙි ඇගේ පියාගේ අවසන් කටයුතු සදහාය.

දෙවැනි වර ඇයට සති තුනක් සිර‍‍ගෙදරන් පිටත රැදී සිටීමට එරට අධිකරණය නැවත අවසර දී ඇත. ඒ ඇගේ දියණියගේ විවාහය වෙනුවෙනි. ඒ අනුව ඇය වෙල්ලෝර් මධ්‍යම බන්ධනාගාරයේ කාන්තා සිර මැදිරියෙන් පිටතට ගෙන යනු ලැබුවේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ ය. ඒ පසුගිය ඡුලි 25 වැනි දිනය . එහෙත් සති 3 ක කාලය සිය දියණියගේ විවාහය වෙනුවෙන් ලකලෑස්ති ඇයට සති 3 ක කාලය මදි බැවින් නාලිනී ඒ සදහා මාස හයක කාල සීමාවක් ඉල්ලා සිටි අතර චෙන්නායි හි විනිසුරුවන් ඉදිරියේ පෞද්ගලිකව වාද විවාද කළාය. 

ජුලි 25 වන දින ඇයට මදුරාසි මහාධිකරණය විසින් දී තිබූ සති 3 ක කාලය සති 4 ක් දක්වා දීර්ඝ කලේය . පසුගිය වසර 28 ක කාලය තුළ ඇය සිරගෙදර ගත කළ එක් වරක්වත් සහනයක් ලබා නොගත් බවත් නලිනි සිය අභියාචනයේ සඳහන් කර තිබේ.ඇය දැනට ගෙවා ඇති සිර දඩුවමි කාලය වසර 28 කි . දැන් නලිනීට වයස 52 කි ඇය අත්අඩංගුවට පත්වන විට වයස 24 කි.

ඇය චෙන්නායි සිට කි.මී. 140 ක් දුරින් පිහිටි වෙල්ලෝර් මධ්‍යම බන්ධනාගාරයෙන් පසුගිය ඡුලි 25 වැනි දින පෙරවරු 10 ට පමණ පොලිස් භටයන් සමඟ පිටත්ව ගිය අතර, වෙල්ලෝර් අසල ඇගේ දියණියගේ නිවෙස පිහිටි සත්‍යවචාරි හි රංගපුරම් වෙත ගෙන යන ලද අතර, ඇගේ පවුලේ අය ඇයට මාසයක් රැඳී සිටීමට නිවසක් කුලියට ගෙන තිබේ. ඊයේ අගෝස්තු 25 ඇගේ නිවාඩු කාලය අවසාන වුනි .

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements