Featured News

Video Gossip

Advertisement

පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතා විසින් වඳ භාවයට පත් කළේ යයි චෝදනා කළ කාන්තාවන් දෙදෙනක් ගර්භනී භාවයට පත්ව ඇතැයි වාර්තා වේ. මේ බව අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාවන්ට සිදුවීමට අදාළ පරීක්ෂණවලට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුවත් කළ අවස්ථාවේදීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව, ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් ඔවුන්ට දුරකථනයෙන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා ආරාධනා කර ඇති අතර මව්වරුන් දෙදෙනා පවසා ඇත්තේ “සර්… අපට කිසිදු පරීක්ෂණයක් අවශ්‍ය නැහැ… අපි දැන් ගැබ්ගෙන සිටින්නේ” යනුවෙනි.

මෙම කාන්තාවන් නොමග යැවීමට කටයුතු කර ඇත්තේ විමල් වීරවංසගේ උපදෙස් මත කුරුණෑගල නගරාධිපති තුෂාර විතාරණ විසින් බවත් ඒ සදහා මුදල් වියදම් කර ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු බවත් මේ වනවිට රහසක් නොවේ. මෙම නුගත් කාන්තාවන් නොමග යැවීමට මහාචාර්ය චන්න ජයසුමන නොහොත් නාත දෙවියන්ගේ වරමක් හිමි මිත්‍යාදෘෂ්ටිකයා විසින් සිදු කළ ප්‍රකාශ විශාල බලපෑමක් සිදු කළේය. අතුරලියේ රතන හිමියන්ද බෞද්ධ ජනතාව උසි ගන්වමින් මුස්ලිම් විරෝධයක් ඇති කිරීම සඳහා මෙය අමු අමුවේම භාවිතා කළේය.

එහෙත් අදාළ කාන්තවන් මීට පෙර කියා සිටියේ ගර්භණී සමයේදී සිසේරියන් සැත්කමකට භාජනය කළ බවත් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව එය සිදු කර ඇති බවත්ය. ඔවුන්ගේ පැමිණිල්ල නම්, “පසුගිය වසර දෙකක කාලය තුළ පිළිසිඳ ගැනීමට උත්සාහ කළද ඔවුන්ට නොහැකි වී ඇති අතර, වෛද්‍ය ෂාෆි සැත්කම අතර තුර කුමක් හෝ සිදු කර ඇති බවට සැක කරන…” බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements