Advertisement

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට් නොවන ඇමැතිවරුන් දෙදෙනකු වන අජිත් පී පෙරේරා මහතාට හා සුජීව සේනසිංහ මහතාට එරෙහිව විනය පියවර ගන්නා බව ලිඛිතව දන්වා ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂයේ ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ පක්ෂය විවේචනය කරමින් මාධ්‍යවලට අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මෙසේ විනය පියවර ගැනීමට නියමිත බවය.

එක්සත් ජාතික පක්ෂය, පක්ෂ නායකත්වය, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, පක්ෂයේ වැඩපිළිවෙළ හා ක්‍රියාමාර්ග මාධ්‍ය මගින් විවේචනය කළැයි එම ඇමැතිවරුන්ට විනය පියවර ගන්නා බවට ලිඛිතව දැනුම් දෙමින් චෝදනා එල්ල කර ඇති බව වාර්තා වේ.

අද (27) දින සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ කරුණු දක්වන ලෙස ඇමැතිවරුන් දෙදෙනාට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා විසින් මෙම ලිපි මගින් දන්වා ඇති නමුත් ඔවුන් දෙදෙනා අද දිනඊට සහභාගී වී නැති බවද වාර්තා වේ.

ඒ අනුව සිය පැමිණිලි සම්බන්ධයෙන් සැප්තැම්බර් 09 වැනිදා හෝ ඊට පෙර ලිඛිත කරුණු දක්වන ලෙසටත් එම කරුණු දැක්වීම පක්ෂයේ විනය කමිටුවට ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරනු ලබන බවත් පක්ෂ ලේකම්වරයා විසින් ලිඛිතව දන්වා ඇති බවද වාර්තා වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements