Advertisement

ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාබය රාජපක්‍ෂගේ ජය තහවුරු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරනු ලබන පළමු ජනරැලිය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ලබන මස 09 වැනිදා පස්වරු 3.00ට පැවැත්වේ.

අනුරාධපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන විසින් සංවිධානය කරනු ලබන මෙම රැළියට විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ ද සහභාගිවේ.

ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන දේශපාලන පක්‍ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුලූ විශාල පිරිසක් මේ සදහා සහභාගිවීමට නියමිතය.

එමෙන්ම ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාබය රාජපක්‍ෂ සහභාගිවන ජනරැලි දෙකක් සෑම දිස්ත්‍රීක්කයකම පැවැත්වීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. ඊට අමතරව ආසන මට්ටමින් කුඩා ජනරැළි මාලාවක් පැවැත්වීමටද ඔවුන් තීරණය කර තිබේ.

ඊට අමතරව ලබන ලබන මස 01 වැනිදා සිට අවස්ථා තුනකදී ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද සැළසුම්කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු පැවැසීය.

බැසිල් හැදු ප්‍රතිපත්ති 15 දා කොළඹදී !

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන මස 15 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිත බවද එහි ප්‍රකාශකයකු කීය. මේ වනවිටත් ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීමේ අවසන් අදියරට ලගාවී තිබෙන බවද එම ප්‍රකාශකයා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂගේ මෙහෙයවීම යටතේ වසර දෙකක් තිස්සේ කරන ලද සමීක්‍ෂණයකින් පසුව හඳුනාගත් ක්‍ෂේත්‍ර 29ක් ආවරණයවන පරිදි විද්වත් මණ්ඩලයක් මගින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පාදනය කෙරනෙ බව ද හෙතෙම සදහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements