Advertisement

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමට අගමැතිවරයා එකඟවී ඇති බව වාර්තාවීමත් සමග කලබලයට පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු' පක්ෂයේ) නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, 'පොහොට්ටුව' හා ඒකාබද්ධ විපක්ෂය අතර සන්ධානයක් පිහිටුවීමට එකඟත්වය පළකර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු අප වෙත පැවසිය.

ඔහු එබව සඳහන් කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් දේශපාලන පක්ෂ 19 ක් සමඟ ඔක්තෝම්බර් 05 වනදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන බවට ගෝඨාබය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදීය.

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ කිසිඳු ආකාරයකින් සජිත් ප්‍රේමදාසට එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙනු ඇතැයි දැඩි විශ්වාසයකින් කටයුතු කළ බැසිල් රාජපක්ෂ, ඒ නිසාම ගෝඨාබයට කිසිඳු අභියෝගයක් නැතැයි උපකල්පනය කර දිනේෂ් ගුණවර්ධන, විමල් විරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර වැනි ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් හා ඔවුන්ගේ පක්ෂ මෙතෙක් නොසලකා හරිමින් සිටියේය.


ගෝඨාබයට ඇප තැම්පත් කළේ සන්ධානයකින් නොවේ :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන සන්ධානය නමින් සන්ධාන ගතවීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ එම සන්ධානයේ අපේක්ෂකයා පක්ෂ නායක මහින්ද රාජපක්ෂ හරහා දිනේෂ් ගුණවර්ධන, විමල් විරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නායකයින්ට දැනුම් දී තිබුන ද පසුගිය 20 වෙනිදා ගෝඨාබය වෙනුවෙන් ඇපමුදල් තැම්පත් කරනු ලැබුවේ සන්ධානයක් පිහිටුවීමේ කතා කිසිඳු ලෙසකින් හෝ මායිම් නොකරමිනි.

සන්ධානය හැදීමට සහ සෙසු පක්ෂ සමග එකගතාවයකට එළඹීමට පෙර ජනාධිපති අපේක්ෂකත්වය සදහා ඇප බැදීම මගින් පොහොට්ටුවේ නායකයින් විසින් සෙසු පක්ෂ හෑල්ලුවට ලක්කොට ඇති බව විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් වාර්තා කර තිබිණ.


ශ්‍රීලනිප- පොහොට්ටු ඡන්ද ලකුණ ගැන සාකච්ඡාව 30දා:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - පොදු ජන පෙරමුණ ඡන්ද ලකුණ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක සාකච්ඡාව මහගමසේකර මාවතේ ජනාධිපති නිල නිවසේදී සැප්තැම්බර් 30 වන දා රාත්‍රී 7.30ට පැවැත්වෙන බව එහි මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා අද(26) ඩාර්ලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ශ්‍රීලනිප - පොහොට්ටු සාකච්ඡා අවසන් නැතැයිද, තවදුරටත් සාකච්ඡා පැවැත්වෙනු ඇතැයිද මන්ත්‍රීවරයා කීය.

පොදු ලකුණක් පිළිබඳව පක්ෂ සාමාජිකයින් ප්‍රාදේශීය දේශපාලනඥයින් ප්‍රබල හඬක් නගන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements