Advertisement

“එදා 2005 ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණයි අපියි සන්ධානයක් ගැහැව්වා. අපි පුටුව අයින් කරලා බුලත් කොළේ දැම්මා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ පොඩි පක්ෂයක්. ඒත් ජනතා විමුක්ති පෙරමුණ කියන එක අපි අහන්න ඕනේ. එදා ජෙප්පෝ නැත්නම් අපි බක්කෝ. දැන් ඉන්න සොක්කොන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒක නෙමෙයිද ඇත්ත. එදා ජේවීපීකාරයෝ අපිට උදවු කරලා ජනාධිපති හදලා දුන්නා. ඒ හදපු ජනාධිපතිකමින් තමයි අපි යුද්ධය ඉවර කළේ” යැයි උෟව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක පැවැසීය.

මහ ඇමැතිවරයා මේ බව පැවැසුවේ ස්වේච්ඡා සංවිධාන සඳහා ජෙනරේටර් බෙදාදීමේ වැඩසටහනකට බොරලන්ද පිටපොල ප්‍රදේශයේදී සහභාගි වෙමිනි.

මහ ඇමැතිවරයා එහිදී මෙසේද කීය.

“එදා අපි ජනාධිපතිවරණය දිනුවේ ඡන්ද එක්ලක්ෂ අසූ දහස් ගාණකින්. ජනතා විමුක්ති පෙරමුණ එකතු කර ගත්තේ නැත්නම් එදා අපිට දිනන්න පුළුවන්ද? ජනතා විමුක්ති පෙරමුණ එදා කිව්වා අපි පුටුවට එන්නේ නෑ කියලා. අපි ජවිපෙට හිස නමලා බුලත් කොළේ දැම්මා. මේක තමයි ඇත්ත. ජේවීපීකාරයෝ මට බනිනවා. සමන්ත විද්‍යාරත්න හැමදාම මට බනිනවා. ඒක වෙනම කතාවක්. ඒ වුණාට ඒ යුතුකම අපි තියන්න ඕන. එදා ජෙප්පෝ නිසා තමයි අපි ජනාධිපති හදා ගත්තේ. ඒ නිසා මේවා කල්පනා කරලා කරන්න ඕන දේවල්. අපි 94 ආණ්ඩුව හැදුවේ පුටුවෙන්. අද පුටුව තියෙන්නේ ඒ අය ළඟ. දි.මු. ජයරත්න තමයි පොදුජන එක්සත් පෙරමුණේ ලේකම් තාමත්. මම කියන්නේ පුටුව දාන්න ඕනි. දිනන්නනම් අපි එකතු වෙන්න ඕනි. පොදුජන පෙරමුණ පුටුවේ වාඩි වුණාදෙන්. අපි පුටුවේ ඇන්දේ වාඩි වෙලා ගමන යනවා. එහෙම නැතිව මේ රට හදන්න බැහැ.” 

බොරලන්ද - සමන් නැඳුන්ගමුව

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements