Featured News

Video Gossip

Advertisement

හෙට (19) දිනයේ විශේෂ කැබිනට් රැස්වීමක් කැදවීමට ජනාධිපතිවරයා තීරණය ‌කොට ඇති බව දැනගන්නට ඇත.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ පනත් ‌කෙටුම්පත සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සදහා ‌මෙම හදිසි කැබිනට් රැස්වීම කැදවා ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අනෙකුත් පක්ෂ නායකයන් අතර දැනටමත් සාකච්ජා පැවැත්වී අවසන් එකගතාවකට පැමිණ ඇති බව දැනගන්නට ඇත.

එමෙන්ම අද (18) රාත්‍රියේදී එජාපය මුණගැසී ‌‌මේ පිළිබදව සාකච්ජා පැවැත්වීමට කටයුතු ‌යොදා ඇති බවද ආරංචිය.

නෙළුම් කුළුණේ කතාවෙන්  චීනය ඇවිලෙයි

මේ අතර නෙළුම් කුලුණ ඉදිකිරීමේදී රුපියල් බිලියන ‌දෙකක වංචාවක් සිදුව ඇති බවට ජනාධිපතිවරයා එය විවෘත කිරීමේදී කළ ප්‍රකාශයෙන් ‌මේ වනවිට චීන රජය බරපතළ අර්බූදයකට පත්ව ඇති බව දැනගන්නට තිබේ.

මේ ‌හේතුවෙන් ඊ‌යේ (17) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණි චීන සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු ‌මෙන්ම චීන ජනපති ෂී ජින් පින් මහතාගේ අතිශය සමීපතමයකු වන චෙන් මයිනර් මහතා ඇතුළු දූත පිරිස ‌නෙළුම් කුළුණ නිරීක්ෂණය කිරීමේ චාරිකාව පවා අත්හැර දැමීමට තීන්දු ‌කොට ඇති බව වාර්තා ‌වේ.

මෙම පිරිස කලින් තීන්දු ‌කොට තිබුණේ චීන ණය ආධාර මත ක්‍රියාත්මක වන මහාපරිමාණ ව්‍යාපෘති වූ හම්බන්තොට වරාය, ‌‌කොළඹ වරාය නගරය හා ‌නෙළුම් කුළුණ යන සියල්ලම නිරීක්ෂණය කිරීමට වුවත් මතුව පවතින වාතාවරණය මත ‌නෙළුම් කුළුණ නිරීක්ෂණය කිරීම අත්හිටුවා තිබේ.

මීට අමතරව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ‘අති විශේෂ’ පුවතක් ‌ලෙස ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරීමත් සමග ‌ලෝකය පුරා චීන ණය මත ක්‍රියාත්මක වන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් විශාල සැකසංකා මතුව ඇති බවක්ද දැනගන්නට තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මුල් කරගෙන ‌මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය හරහා නිල නිවේදනයක් නිකුත් කරනවාද, එසේත් නැතිනම් චීන විදේශ අමාත්‍යංශය මගින් නිල නිවේදනයක් නිකුත් කරනවාද යන්න සම්බන්ධයෙන් ‌මේ දිනවල චීන බලධාරීන් අදහස් හුවමාරු කරගනිමින් සිටින බව වාර්තා ‌වේ.


එසේම ‌මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අද (18) දිනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන ‌කොඩිතුවක්කු මහතා කැදවා ඇති බවද දැනගන්නට ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements